සාමාජීය වෙනස්කම්
 

1. පෙරදිග රටවලට යුරෝපීයයන් සමඟ පැමිණි මිෂනාරි පුජකයෝ අධ්‍යාපන ආයතය මඟින් ඔවුන්ගේ ආගම හා සංස්කෘතිය මෙරට ජනතාව වෙත සම්පේ‍්‍රෂණය කළහ. 19 වන ශතවර්ෂයේ මැද භාගය වන විට ලංකාවේ මුහුදුබඩ ප‍්‍රදේශවල ක‍්‍රිස්තියානි ආගම වැළඳගත් විශාල පිිරිසක් ඇතිවූයේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි.

2. බටහිර පාලනයේ විවිධ අංශ දායක වූ ස්වදේශීය නායකයෝ බි‍්‍රතාන්‍යයන්ට අවශ්‍ය වෙළඳ ද්‍රව්‍ය ආදිය සැපයීම මඟින්, නිලය, බලය, මෙන්ම ධනයද උපයා ගනිමින් සමාජයේ ප‍්‍රභූන් බවට පත්වූහ. මොවුන් යුරෝපීය භාෂාව, ආගම හා සංස්කෘතිය තුල ගිලී සිටි අතර සාමාන්‍ය ජනතාවට වඩා ඉහළින් සිටිමින් ඔවුන් පාලනය කිරිමට තමන්ට අයිතියක් ඇතැයි සිතූ කළු සුද්දන් පිරිසක් වූහ. මේ අයුරින් සමාජයේ අලූත් ප‍්‍රභූ පැලැන්තියක් බිහිවිය.

3. කෝල්බෲක් කොමිෂම මඟින් චිරාගතව පැවැති රාජකාරි ක‍්‍රමය අහෝසි කිරීම නිසා මෙරට ජන සමාජයේ තිබුණු සමතුලිත බව දෙදෙරා ගියේය. එයින් ග‍්‍රාමීය සමාජ රටාව අවුල් වී ගියේය.

4. ඉංග‍්‍රිසි අධ්‍යාපනයේ බලපෑම මත අපරදිග සංස්කෘතිය පුදමින් දේශීය සංස්කෘතිය හො දුටු සමාජ පැලැන්තියක් ඇතිවිය.

5. ඉංග‍්‍රිසින් කුල භේදය නොතැකූ බැවින් ද ඉංග‍්‍රීසි අධ්‍යාපනය ලැබූ විවිධ කුලයන්ට අයත් පුද්ගලයින් සමාජයේ ඉහළ ස්ථරවලට නැගී ගිය බැවින්ද කුල භේදයට පහර වැදුණි.

6. නගර හා ගම්වල ප‍්‍රභූ පවුල් තම දරුවන්ට ඉංග‍්‍රිසි අධ්‍යාපනය ලබාදීම නිසා දේශීය මුලාදෑනි පිරිසට අමතරව අලූත් නිලධාරීන් පැලැන්තියක් බිහිවිය.

7. මාර්ග පද්ධතියක් බිහිවීමෙන් පසු මුහුදුබඩ ප‍්‍රදේශවල පැතිරී තිබුණු බටහිර සංස්කෘතිය හා වාණිජකරණය විසින් උඩරට ගම් දනවු ආක‍්‍රමණය කිරීම නිසා උඩරට හුදකලා බව බඳී ගොස් ජන සංකලනය වේගවත් විය.

8. වත වගාවට හා ඒ හා සම්බන්ධ වෙනත් අංශවලට අවශ්‍ය භාණ්ඩ සැලයීම මඟින් ධනවත් වූ දේශීය ධනවතුන් පිරිසක් බිහිවිය.

9. වතු වගාව සඳහා දකුණු ඉන්දියානු ද්‍රවිඩ ජනයා මෙහි ගෙන්වීම නිසා මෙරට ජන ව්‍යුහය වෙනස්විය. මෙරට ද්‍රවිඩ ජනගහනය ශීඝ‍්‍රයෙන් ඉහළ ගියේය.

10. 1940 දී ක‍්‍රියාත්මක වූ මුඩු ඉඩම් පනත අනුව උඩරට බොහෝ ගැමියන්ට අයත්ව තිබුණු ඉඩම් අහිමි විය. විශාල කැළෑ ඉඩම්වලට මැදිවී තිබුණු කුඩා ජනාවාස වතුවලට යාකර ගැනීම නිසා සමහර ගැමියන්ට තම පාරම්පරික ගම් බිම් අහිමි වීම නිසා ඉඩම් නැති ජන කොටසක් උඩරට ප‍්‍රදේශවලට බිහිවිය.

11. මෙරට ජනතාව පිළිකුල් කළ සුරාව, සූදුව, හා දුම් පානය වැනි විවිධ දුරාචාරයන්ට මෙරට ජන සමාජය බිලිවිය.

12. නගර බිමිවීම නිසා මුඩුක්කු ජන සමාජයක් හා මුඩුක්කු සංස්කෘතියක් ඇතිවිය. නාගරික කම්කරු පිරිසක් බිහිවූහ.

13. නගර කරා ග‍්‍රාමීය ජනයා ඇදීඒම නිසා නාගරික ජනගහනය ඉහළ ගොස් පාරිසරික ගැටලූ ඇතිවිය.

(c) Shilpa Sayura Foundation 2006-2017