මෙලෙස් සිතා ගත් මසුරන් දහසක් ජූජක නම් යුත් එනා තියා
පරෙස්‌සමට මිතුරෙක් ලඟ තබලා අනේ කිසිම කෙනෙකුට නොකියා
හදිස්‌සියෙන් මා ඇවිත් ඉල්ලූවිට ගැනුමට හංගා තබනු කියා
නොලස්‌ව තව තව හිඟා ගැනීමට නොයෙක් නොයෙක් ගම්වලට ගියානොලස්ව එන්නෙමියයි ගිය බමුණුට ඉතා හුඟක් කල් ගත වීයේ
පරෙස්‌සමට තිබු මසුරන් දහසම අපොයි ඔහුට වියදම් වීයේ
හදිස්‌සියෙන් විත් කලකට පස්‌සේ තිබු මසුරන් ගැන ඉල් වීයේ
පිලිස්‌සුනා වගේ ගිනියම හැදිලා මිතුරුට දෙයියන් සිහිවීයේ
පෙමා වඩන මගෙ යාලුවේ මා ලඟ තබලා ගිය මසුරන් එවරා
අමාරුවක් වී වියදන් කරගෙන කා බී ඔක්‌කොම විය ඉවරා
පමා වෙලාවත් හරිකර දීමට මඟකුත් නැත මට තිරත සාරා
මෙම තරුණ දුව ඒ වෙනුවට දෙමි ගන්ට සතුටුදැයි ඇසුවරා
දකිමින් සිරිකත සමවන් එතරුණ බැමිණගේ රූපෙට හිත වැටිලා
මසුරන් කුමටද මෙම රන්කඳ අද ලැබුනෝතින් මට ඇත සිතලා
එහෙනන් දුවනිය විගසින් දෙන ලෙස සතුටින් බමුණා කිව්ව කලා
අත පැන් වත්කොට පාවාදුනි දුව යන්තම් හොඳ නැකතක් බලලා
