වතු වගාව නිසා එහි අතුරු ඵලයක් ලෙස නගර බිහිවිය. කොළඹ වරාය කටයුතු පුළුල් වීම, ප‍්‍රවාහන පහසුව සැලසීම ආදී හේතු නිසා ලංකාවේ වාණිජත්වයට බර සමාජ ක‍්‍රමයක් ගොඩනැගුණි. මෙම ආර්ථික පෙරළිය පණිවුඩ සේවයේ දියුණුවට හේතු විය.
දූතයන් අත පණිවුඩ යැවීමේ ක‍්‍රමය පැරණි ක‍්‍රමය අවශ්‍යතා සංකීර්ණ වෙත්ම වෙනස් විය. 1832 දී කොළඹ - මහනුවර අතර අශ්ව රථයෙන් තැපැල් ගෙනයාම ආරම්භ විය.
සෙසු ප‍්‍රදේශවල ද මෙම ක‍්‍රමය ඉතා ඉක්මනින් ව්‍යාප්ත විය. මුලදී ලිපි හා පාර්සල් ගෙනයාමට දුර අනුව මුදලින් ගාස්තු අය කළ අතර පසුව පැන්ස තැපැල් ගාස්තු ක‍්‍රමය ආරම්භ විය.
1858 දී කොළඹ - ගාල්ල අතර ප‍්‍රථම විදුලි පණිවුඩ සේවාව ආරම්භ විය. මෙය මහනුවර හා වෙනත් නගර වලටද තලෙයිමන්නාරම හරහා ඉන්දියාවට ද ව්‍යාප්ත විය. 1878 දී ටෙලිපෝන් සේවය ආරම්භ විය. ඒ සමඟම සියලූම නගර වල තැපැල් කාර්යාල විවෘත විය. ලිපි භාර ගැනීම, බෙදහැරීම, විදුලි පණිවුඩ යැවීම හා දුරකතන පහසුකම් මෙම තැපැත්හල් මඟින් ජනතාවට ලබාගත හැකි විය. එකල මෙම පහසුකම් වැඩිපුර භාවිත කළේ ව්‍යාපාරික ප‍්‍රජාව හා රජයේ ඉහළ නිලධාරීන්ය.
