දුම්රිය මාර්ග
 

මහා මාර්ග ඔස්සේ කරත්ත මඟින් භාණ්ඩ ප‍්‍රවාහනය වියදම් අධික කල් ගත වන ක‍්‍රමයක් විය.ත මේ වන විට බි‍්‍රතාන්‍යයේ ඉතාම ලාභ සහ ඉක්මන් ප‍්‍රවාහන ක‍්‍රමයක් වූ දුම්රිය සේවය ආරම්භ වී තිබුණු බැවින් ලංකාවේ ද දුම්රිය සේවය ආරම්භ කරන ලෙස වැවිලිකරුවෝ ඉල්ලා සිටියහ.

ඒ අනුව 1848 දී එංගලන්තයේදී ලංකා දුමිරිය සමාගම පිහිටුවන ලදී. එම සමාගමේ අනුග‍්‍රහයෙන් 1858 අගෝස්තු මාසයේදී හෙන්රි වෝඞ් ආණ්ඩුකාරතුමා විසින් කොළඹ - මහනුවර දුම්රිය මාර්ගය ඉදිකිරීම මරදානෙන් ආරම්භ කරන ලදී.

එහෙත් එහි වැඩ නතර විය. නැවත 1863 වර්ෂයේ ඉන්දියානු කොන්ත‍්‍රාත්කරුවෙකතු යටතේ එමි ඉදිකිරීම් ආරම්භ විය. අවුරුදු හතරකින් මෙම මාර්ගයේ වැඩ නිම විය. 1864 දී ප‍්‍රථම දුමිරිය ඇන්ජිම ලංකාවට ගෙනෙන ලද අතර 1865 දී කොළඹ සිට අඹේපුස්ස දක්වා දුම්රිය ධාවනය ආරම්භ විය.

වැවිලිකරුවන්ගේ ඉල්ලීම අනුව 1873 දී පේරාදෙණියේ සිට ගම්පොළ දක්වාද, 1874 දී ගම්පොළ සිට නාවලපිටිය දක්වාද 1884 දී එම මාර්ගය හැටන් දක්වාද, 1895 දී නානඔය දක්වාද දීර්ඝ කරන ලදී. 1893 දී නානුඔය - හපුතලේ දක්වාද 1994 දී හපුතලේ සිට බණ්ඩාරවෙල දක්වාද දුමිරිය මාර්ග ඉදිවිය. 1880 දී මහනුවර සිට මාතලේ දක්වා දුමිරිය මාර්ගය ඉදිකොට විවෘත කරනු ලැබීය.

කොළඹ සිට දකුණට විසිදුන මුහුදුබඩ දුම්රිය මාර්ගය මොරටුව, කළුතර, අලූත්ගම, අම්බල්න්ගොඩ, සහ ගාල්ල හරහා මාතර දක්වා ඉදිවිය. එහි වැඩ 1895 දී අවසන් විය. කැළණි වැලි දුමිරිය මාර්ගය 1903 වන විට යටියන්තොට දක්වා වැඩ අවසන් විය. පසුය රය රත්නපුරය හරහා ඕපනායක දක්වා දීර්ඝ කෙරුණි.

පොල් වගාකරුවන්ගේ ඉල්ලීම පරිදි කොළඹ සිට රාගම හරහා මීගමුව දක්වාද එතැන් සිට පුත්තලම දක්වාද බටහිර වෙරළබඩ දුමිරිය මාර්ගය ඉදිවිය. 1902 දී පොල්ගහවෙල සිට යාපනය දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීම් ආරම්භ විය. වසර තුනකින් එහි වැඩ අවසන් විය.

1914 දී මෙම මාර්ගයේ මැදවච්චියෙන් ආරම්භ කළ අතුරු මාර්ගයක් තලෙයි මන්නාරම දක්වා ඉදි කෙරුණි. එහි සිට ඉන්දියාවේ ධනුස්කොඩි දුමිරිය පොළ සමඟ සම්බන්ධ කිරීම නැව් සේවයක් මගින් සිදුවිය. දකුණු ඉන්දියානු ද්‍රවිඩ කම්කරුවන් පන්‍ාහනය සඳහා මෙම නැව් සේවය ප‍්‍රයෝජනයට ගැනුණි.

1922 දී මහව (මාහෝ) සිට ත‍්‍රිකුණාමලය දක්වාද 1928 දී මෙම මාර්ගය ගල්ඔයේ සිට මඩකලපුව දක්වාද දිගු කෙරිණි. 1930 පමණ වන විට ලංකාවේ දුමිරිය මාර්ග ද මහා මාර්ග මෙන් දැල් රටාවකට අනුව රට පුරා විහිදී ගොස් තිබුණි.

මහා මාර්ග හා දුමිරිය මාර්ග ඉදිකිරීමේදී එඞ්වර්ඞ් බාන්ස්, විල්මට් හෝර්ටන්, ඇන්ඩර්සන්, හෙන්රි වෝඞ් සහ රොබින්සන් වැනි ආණ්ඩුකාරවරුන් මෙන්ම මේජර් තෝමස් ස්කිනර් හා කැප්ටන් ඩෝසන් වැනි පුද්ගලයන්ගෙන් ඉටුවූ සේවයද වැදගත් වේ. ස්කිනර් මහතා 1820 - 1867 දක්වා කාලයේ මාර්ග සම්බන්ධ ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කළේය. කැප්ටන් ඩෝසන් සහකාර ඉංජිනේරුවෙකි. ඔහු මහා මාර්ග ඉදිකිරීමේ යේදී සිටියදී උණ රෝගය සෑදී මිය ගියේය. ඔහු වෙනුවෙන් කඩුගන්නාවේ ස්මාරකයක් ඉදිකොට ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017