මෙරට වතු වගාව ආරම්භ වීමට පෙර බි‍්‍රතාන්‍ය පාලනය යටතේ මාර්ග කීපයක් ඉදිවී ඇත. උඩරට ප‍්‍රදේශය හා මුහුදුබඩ නගර කොළඹට සම්බන්ධ කිරීමෙන් පරිපාලන හා වෙළඳ කටයුතු පහසුවෙන් කර ගැනීම මෙම මාර්ග ඉදිකිරීමේ ප‍්‍රධාන අරමුණ විය.
උඩරට ස්වාභාවිත ආරක්ෂාව බිඳ හෙලමින් කොළඹින් පටන් ගත් මාර්ගය කෑගල්ල, අඹේපුස්ස හා කඩුගන්නාව දුර්ගය හරහා මහනුවරට ඇතුල් විය. 1820 දී ආරම්භ කළ මෙහි වැඩ වසර පහකින් නිම විය. කොළඹ - නුවර මාර්ගය ඉදිකිරිමේ පුරෝගාමියා වූයේ එව්ඩර්ඞ් බාන්ස් ආණ්ඩුකරුය.
1826 දී ගලගෙදර දුර්ගය හරහා කුරුණෑගල - මහනුවර මාර්ගය ද, 1831 දී මාතලේ දුර්ගපය හරහා දඹුල්ල - මහනුවර මාර්ගයද ඉදිවිය. දඹුල්ල මාර්ගය කන්තලේ හරහා ත‍්‍රිකුණාමලය දක්වා දීර්ඝ කිරීමත් කොළඹ ත‍්‍රිකුණාමලය අතර ගොඩබිම් සම්බන්ධතා කාර්යක්ෂම විය.
රාජකාරි ක‍්‍රමය යටතේ ජනයාගෙන් නොමිලේ වැඩ ගත හැකි වූ නිසා මෙම මාර්ගරැු ඉදිකිරීම සඳහා රජයට වැඩ වියදමක් දැරීමට සිදු නොවීය. කෝල්බෲක් කොමිෂමෙන් රාජකාරිය අවලංගු කළ පසු ටොරින්ටන් ආණ්ඩුකරු මාර්ග බද්දක් පනවා මුදල් ලබා ගත්තේ ය.
කොළඹ - නුවර සම්බන්ධය ආර්ථික අතින්ද ඉතා වැදගත් වූයේ වතු වගාව ආරම්භ වීමෙන් පසුය. වතු ව්‍යාප්ත වීම පාරවල් ඉල්ලා වතු හිමියෝ උද්ඝෝෂණය කළහ. කෝපි වතුවල අස්වැන්න කොළඹට ගෙන ඒම සඳහා මාර්ග ඉදිවීමට කලින් මාසයකට වැඩි කාලයක් ගතවිය. මාර්ග ඉදිවීමෙන් පසු ඊට කලින් යොදාගත් තවලම් ආදී ක‍්‍රම වෙනුවට ගොන් කරත්ත යොදා ගත හැකි විය. ගොන් කරත්ත මගින් නුවර සිට කොළඹට භාණ්ඩ ප‍්‍රවාහනය සඳහා ගතවූයේ සතියක් වැනි සුළු කාලයකි.
හෝර්ටව් ආණ්ඩුකරු නුවර සිට බදුල්ල දක්වා ද පේරාදෙණිය සිට නුවරඑළිය දක්වා ද මාර්ග ඉදි කළේය. දඹූල්ලේ සිට අනුරාධපුර හරහා පේදුරු තුඩුව දක්වාද අනුරාධපුරයේ සිට අරිප්පු දක්වාද වශයෙන් මාර්ග රැුසක්ම ඉදිවිය. කුරුණෑගල - පුත්තලම, කොළඹ - රත්නපුර හරහා රක්වාන මාර්ගය ඉදිවීමෙන් පසු මුළු රටම කොළඹට සම්බන්ධ විය.
