මෙරටට ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ඉංග‍්‍රීසින්ට විශාල මුදලක් වැය කිරීමට සිදුවිය. එසේ ආනයනය කළ ද්‍රව්‍ය අතර සහල් ප‍්‍රධාන විය. එම මුදල් ඉතිරි කර ගැනීමට නම් මෙරට වී වගාව දියුණු කිරීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුත්තක් විය.
පෘතුගීසි යුගයේ යුද්ධ නිසා මෙරට වැව් අමුණු බොහෝ ගණනක් විනාශයට පත් විය. ලන්දේසින් ලාභ ලැබීමේ මූලික පරමාර්ථයෙන් සියලූ කටයුතු කළ නිසා ආහාර පිටරටින් ගෙන්වීම අඩුකිරීමේ පියවරක් ලෙස වී වගා කිරීමට ජනතාව උනන්දු කළහ.
ප්‍රෙඩි‍්‍රක් නෝත්, තෝමස් මේට්ලන්ඞ්, රොබට් බ‍්‍රවුන්රීග් සහ විලියම් ග්‍රෙගරි යන ඉංග‍්‍රීසි ආණ්ඩුකාරවරු ලංකාවේ අබලන් වී ගිය වැව් අමුණු ප‍්‍රතිසංස්කරණය කොට වී වගාව දියුණු කිරීම සඳහා පියවර ගත්හ. 1833 ක‍්‍රියාත්මක වූ කෝල්බෲක් ප‍්‍රතිසංස්කරණ වලින් පසු මේ තත්ත්වය වෙනස් විය.
වතු වගාව කෙරෙහි ඉංග‍්‍රිසි පාලනයේ පූර්ණ අවධානය යොමු වීම නිසා වී ගොවිතැන හා ගොවියා පරිහානියේ අගාධයටම තල්ලූ විය. 1848 කැරැල්ලට මෙය ප‍්‍රබල හේතුවක් වූ බව තෝමස් ස්කිනර් මහතා සඳහන් කර ඇත. ඔහු රජරට මහා මාර්ග ඉදිකරන අතර එහි තිබුණු නටබුන් වූ වාරි කර්මාන්ත දැක විස්මයට පත්විය.
මේ මිනිසුන්ට ජලය ලබා දුන්නොත් ඔවුන් මේ රට සහල්වලින් පුරවනු ඇතැයි යනුවෙන් ඔහු එකල සිටි විල්මට් හෝර්ටව් ආණ්ඩුකරුට ලියා එව්වේය. එහෙත් රජයට ඒ සඳහා මුදල් වැය කිරීමට නොහැකි විය.
හෙන්රි වෝර්ඞ් ආණ්ඩුකරු ශ‍්‍රි ලංකාවේ ගැමි කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට මහත් උත්සාහයක් දැරීය. ගිරුවාපත්තුවේ කුඹුරු අක්කර දහස් ගණනක් අස්වැද්දවීමට පහසුකම් සලසා දුන්නේය. ඒ සඳහා කිරම හා ඌරුබොක්ක ඇළවේලි ප‍්‍රතිසංස්කරණය සොයා බැලීමට විශේෂ මණ්ඩලයක් ද පත් කළේ ය.
හරිකියුලීස් රොබින්සන් ආණ්ඩුකරු එම සංවර්ධන කටයුතු තවදුරටත් ඉදිරියටම ගෙන ගියේය. තිස්සමහරාම, කැකණදුර, හාලිඇළ, එල්ලාවල, උඩුකිරිවිල හා දන්දෙනිය වැව් ඔහුගේ මූලිකත්වයෙන් ප‍්‍රතිසංස්කරණය කරන ලදී. ජල සම්පාදනය හා වාරි කර්මාන්ත පිළිබද බලතල සමූහයක් ගම් සභාවලට පවරා දුන්නේ ය.
විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරයා වන්නියේ ජනයාගේ සාගින්න නිවීම සඳහා නුවර කලාවියට නව ජීවයක් ලබා දුන්නේය. නුවර කලාවිය හා තමන්කඩුව ප‍්‍රදේශ එක්කොට උතුරු මැද පළාත ඇති කළ හෙතෙම එම පළාතේ වැව් සිය ගණනක් ප‍්‍රතිසංස්කරණය කළේය. යෝධ ඇළේ ප‍්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළේය. ජනතාව මැලේරියා උවදුරින් මුදවා ගැනීමට කටයුතු කළේය.
එවකට උතුරු මැද පළාතේ දිසාපති වූ ඩික්සන් මහතාගේ සහායද ඔහුට ලැබුණි. ග්‍රෙගරි ආණ්ඩුකාරයාගේ සමාජ හිතකාමී ක‍්‍රියා කලාපය නිසා උතුරු මැද පළාතේ ජනයා ඔහු හැඳින්වුයේ ගිරිගෝරිස් උන්නාන්සේ යන ආදර නාමයෙනි.
1833 - 1890 දක්වා මෙරට ඉංග‍්‍රිසි ආණ්ඩුකරු ලෙස කටයුතු කළ ආතර් හැමිල්ටන් ගෝඞ්න් මහතා ග්‍රෙගරි විසින් ආරම්භ කළ කෘෂිකාර්මික සංවර්ධන කටයුතු අවසන් කළේය. ඔහු විසින් වැව් 42 ක් ප‍්‍රතිසංස්කරණය කරන ලදී. 1887 දී මධ්‍යම වාර්මාර්ග මණ්ඩලය පිහිටුවා ඊට අනුබන්ධ ප‍්‍රාදේශීය වාර්මාර්ග මණ්ඩල රාශියක් ද ඇති කළේ ය. 1900 දී වාරිමාර්ග දෙපාර්තමේන්තුව බවට පත් වූයේ මේ වාර්මාර්ග මණ්ඩලයයි.
වෙස්ට් ජිජ්වේ ආණ්ඩුකරු (1896 - 1903) මින්නේරිය, කන්තලේ, යෝධ වැව, තිස්ස වැව, නාච්චිදූව වැව ආදී වැව් රැසක් ප‍්‍රතිසංස්කරණය කරවීය. හෙන්රි බ්ලේක් ආණ්ඩාකාරයා කෘෂිකාර්මික මණ්ඩලයක් හා ගොවිකම් සමිති ඇති කළේය. මේ මගින් දේශීය කෘෂිකර්මාන්තයේ විශාල සංවර්ධනයක් ඇති විය. ලංකාවේ ගැමි සමාජයේ නවෝදයක් මෙම කටයුතු නිසා ඇතිවිය.
