පොල් වගාව
 

පොල් ලංකාවේ පැරණිම වගාවකි. කෝට්ටේ යුගයේ ලියවුණු සංදේශ කාව්‍යවල සරුසාර පොල්වතු පිළිබඳ වර්ණනා ඇතුළත් වී තීබේ. එසේ වුවද ක‍්‍රමානුකූල ලෙස පොල් වගා කිරීම මෙරට ආරම්භ වූයේ 19 වැනි ශතවර්ෂයේදීය.

පොල් වගාව කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වා ඇත්තේ දේශීය ධනවතුන්ය. හලාවත සිට දෙවුන්දර දක්වා මුහුදු තීරය මෙම වගාව සඳහා ඉතා යෝග්‍ය විය. 1840 න් පසු යාපනය සහ මඩකලපුව යන ප‍්‍රදේශවලද පෝල වගාව ව්‍යාප්ත විය.

1942 දී ලූණුවිල පොල් පර්යේෂණ ආයතනය පිහිටුවන ලදි. පොල් නිෂ්පාදනවලින් වැඩි කොටසක් දේශීය පරිභෝජනය සඳහා ගැනුණි. පොල්, පොල්තෙල්, කොප්පරා, ඉරටු, ලණු ආදී නිෂ්පාදන අපනයනය කිරීමද සිදුවිය.

වර්තමානයේ දී විවිධ කෘමි උවදුරු සහ පොත්වතු සංවර්ධනය කර විකිණීමේ මුවාවෙන් පොල්ගස් කපා දමා පොල් ඉඩම් කට්ටි කර විකිණිම නිසා පොල් කර්මාන්තය දැඩි තර්ජනයකට මුහුණපා ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017