දකුණු ඇමරිකාවේ ඇමේසන් වනාන්තර ප‍්‍රදේශය රබර් ගමේ මුල් බිම ලෙස සැලකේ. ශ්‍රී ලංකාවේ ප‍්‍රථම රබර් පැළය 1876 දී හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ රෝපණය කළ බව සඳහන් වී ඇත.
නිවර්තන කලාපයේ පහත් බිම්වලට ඉතා උචිත වගාවක් වූ බැවින් තේ සාර්ථකව වගා කළ නොහැකි ලංකාවේ නිරිතදිග පහත් බිම්වල රබර් වගාව අරම්භ විය. 1883 දී කළුතර දිස්ත‍්‍රික්කයේ වාණිජ මට්ටමින් ආරම්භ වූ මෙම වගාව ගාල්ල, සබරගමුව, යන ප‍්‍රදේශවල ඉක්මනින් පැතිර ගියේය. ලෝකයේ මෝටර් රථ කර්මාන්තය දියුණු වීමත් සමඟම රබර්වලට හොඳ ඉල්ලූමක් ඇතිවිය.
1 වැනි ලෝක යුද්ධ සමයේ රබර් ඉල්ලූම විශාල වශයෙන් ඉහළ ගියේය. යුද්ධ සමයෙන් පසු ඇතිවූ ආර්ථික පරිහානිය නිසා රබර් මිල බෙහෙවින් අඩුවීම නිසා රබර් වගාව අතහැර දැමීමට සිදු විය.
2 වැනි ලෝක යුද්ධ සමයේ වැවතත් රබර් ඉල්ලූම වැඞී වී හොඳ මිලක් ලැබෙන්නට විය. ඒ නිසා රබර් වගාව කෙරෙහි නැවත උනන්දුවක් ඇති විය. අගලවත්තේ රබර් පර්යේෂණාගාරය පිහිටුවා රබර් වැවීමේ ක‍්‍රම හා නිපදවීමේ ක‍්‍රම දියුණු කිරීමට පියවර ගනු ලැබිණි.
ඉන්දුනීසියානු රටවල රබර් වගාව ව්‍යාප්ත වීම නිසා ෂෂ වන ලෝක යුද්ධයෙන් පසු ලංකාවේ රබර්වලට තරගයක් ඇතවීම මත අලෙවි දුෂ්කරතා හා මිල පහත වැටීමේ තර්ජනයක්ද ඇතිවිය. වර්තමාන තාක්ෂණික දියුණුව මත නිපැයෙන කෘත‍්‍රිම රබර් අඩු මිලට ලෝක වෙළඳපොළට සැපයෙන නිසා ලංකාවේ ස්වාභාවික රබර් මිල පහත වැටී ඇත.
