සිංකෝනා වගාව හා කොකෝවා වගාව
 

මැලෙරියා රෝගය සඳහා ඖෂධයක් ලෙස එකල භාවිත කළ කුයිනයින් නිපදවන ලද්දේ සිංකෝනා ගසේ පොත්තේ යුෂයෙනි.

1861 දී හග්ගල උයනේ සිංකෝනා වගාව ආරම්භ විය. 1882 වන විට අක්කර 65,000 ක් සිංකෝනා වගාව පැතිරී ගියේය. මෙය බෙහෙත් සඳහා භාවිතයට ගන්නා ශාකයක් වීමත් ජාවා රටේ ද සිංකෝනා වගාව සරුවට කෙරුණු නිසාත් සැපයුම වැඩිවත්ම මිල පහත වැටුණි.


ඉල්ලූම සීමාසහිත වීම ඊට හේතුවයි. 1878 දී සීලිං 12 ක්වු සිංකෝනා අවුන්සය 1890 දී සිලිං 1 ක් දක්වා අඩුවීම නිසා මෙම වගාව අතහැර දමනු ලැබීය.

කොකෝවා වගාව ලංකාවට හඳුන්වා දුන්නේ ලන්දේසින්ය. එය වතු වගාවක් ලෙස පුළුල්ව පැතිරී ගියේ කෝපි වගාව පරිහානියට පත් යෙමින් පැවති කාලයේ ය. රජයේ අනුග‍්‍රහය යටතේ 1885 වන විට අක්කර 12,800 ක පමණ මෙම වගාව පැතීරී ගියේ ය.

ලංකාවේ කොකෝවා වගාවට සුදුසු බිම් ප‍්‍රමාණය සීමාසහිත වීමත්, ලන්ඩන් වෙළඳපොළේ කොකෝවා මිල පහත බැසීමත්, වගා කටයුතු සඳහා දැරිය යුතු වියදම ඉහළ යාමත් නිසා කොකෝවා වගාව ඉක්මනින් පැතිර ගියේ නැත. 1884 න් පසු කෘමි රෝගයකට ගොදුරුවීම නිසා මෙම වගාව පරිහානියට පත්විය.

(c) Shilpa Sayura Foundation 2006-2017