බි‍්‍රතාන්‍ය පාලනය නිසා ලංකාවේ ඇතිවූ වෙනස්කම්
 

බි‍්‍රතාන්‍ය පාලනය නිසා ලංකාවේ විවිධ ක්‍ෂේත‍්‍රවල ඇතිවූ ප්‍රධාන වෙනස්කම නම් ක‍්‍රි. ව. 1815 දී ශ‍්‍රි ලංකාවේ වැඩවසම් පාලන ක‍්‍රමය හා වැඩවයම් සමාජ රටාව මුළුමනින්ම බිඳවැටුණි.

ඒ සමගම ආර්ථික රටාවද වෙනස් වීය. ස්වයංපෝෂිත සමාජ රටාව වෙනුවට ආනයන-අපනයන අර්ථ ක‍්‍රමයක් ලංකාව පුරා බිහිවිය. ඉංග‍්‍රිසීන් විසින් දේශීය පාලන ක‍්‍රමය, තිබූ පාලන සංස්ථා හා සමාජ සංවිධාන නොකතා හරින ලද අතර වතු වගාවට ප‍්‍රමුඛස්ථානයක් ලබාදීම නිසා කෘෂිකර්මාන්තයද අඩපණ විය.

මෙරට ජනයාට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉන්දියාව වැනි යටත් විජිතවලින් ගෙන්වූ අතර අපනයන ද්‍රව්‍යය නිෂ්පාදනයට මූලිකත්වය ලැබුණි.

(c) Shilpa Sayura Foundation 2006-2017