මිෂනාරි සමාගම්වල ක‍්‍රියා කලාපය හින්දු ආගමටද තර්ජනයක් විය. ඒ නිසා හින්දු භක්තිකයන් අතරද මිෂනාරි විරෝධි ව්‍යාපාරයක් ආරම්භ විය. මෙහි පුරෝගාමියා වූයේ ශ‍්‍රි ආරුමුග නාවලර් තුමාය.
පෙර අපර දෙදිග භාෂා කීපයක්ම දත් මෙතුමා හින්දු ආගමික හා සංස්කෘතික දායාදයන් ආරක්ෂා කර ගැනීමේ එක් පියවරක් ලෙස යාපනයේ හින්දු ඉංග‍්‍රිසි පාසලක් ආරම්භ කළේය. පසුව මෙය යාපනයේ හින්දු විද්‍යාලය නමින් ප‍්‍රසිද්ධ විය. අරුමුග නාවලර් තුමා ආරම්භ කළ මෙම ව්‍යාපාරය පොන්නම්බලම් අරුණාචලම්, පොන්නම්බලම් රාමනාදන්, වැනි අය ඉදිරියට ගෙන ගියහ.
1888 දී ඉන්ද්‍රසාද නම් නමැති හින්දු පුවත්පත ආරම්භ විය. 1930 දී වීරකේසරීඬඬ පුවත්පත හා 1931 තිනකරන් පුවත්පතද ආරම්භ වීම නිසා හින්දු පුනරුදයට ඒවායින් මහත් සේවයක් ඉටු විය.
ඉස්ලාම් ආගමික ප‍්‍රබෝධය :
මෙහිලා නායකත්වය ගත්තේ එම්. සී සිද්දිලෙබ්බේ මහතාය. ඉංග‍්‍රිසි භාෂාව මෙන්ම අරාබි භාෂාවද ඉගෙන ගැනීමට මුස්ලිම් ජනතාව පොළඹවන වැඩ පිළිවෙළක් ලෙස කොළඹ මුස්ලිම් අධ්‍යාපන සංගමය පිහිටුවන ලදී. මෙම සංගමය මඟින් කොළඹ සහිරා විද්‍යාලය ආරම්භ කරන ලදී.
මුස්ලිම් නේෂන් හා ඥාන දීපම් යන පුවත්පත් ආරම්භවීම මගින් මගින් මුස්ලිම් සංස්කෘතික ප‍්‍රබෝධය සඳහා වැදගත් මෙහෙයක් ඉටුවිය.
