වාමාංශික දේශපාලන ව්‍යාපාරය බිහිවීම 1939
 

1939 න් පසුව වාමාංශික දේශපාලන ව්‍යාපාරය මෙරට බිහිවිය. ඔවුහු බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයෙන් සම්පූර්ණයෙන්ම වෙන්වූ ස්වාධීන පාලනයක් ඉල්ලා සිටියහ. මෙම ව්‍යාපාරයේ පුරෝගාමීන් වූයේ එස්. ඒ වික‍්‍රමසිංහ පිලිප් ගුණවර්ධන, ආචාර්ය එන් එම්. පෙරේරා වැනි අයයි.

2 ලෝක යුද්ධයෙන් පසුව ලෝකයේ බොහෝ යටත් විජිත වලට නිදහස ලබාගත හැකි විය. ලංකාවේ නිදහස පිළිබඳව ඇති වූ ඉල්ලීම් ද සැලකිල්ලට ගත් බි‍්‍රතාන්‍ය රජය ලංකාවට සුදුසු ආණ්ඩු ක‍්‍රමයක් නිර්දේශ කිරීම සඳහා 1944 දී සෝල්බරි සාමිවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුත් කොමිෂන් සභාවක් මෙරටට එවීය.

ශ්‍රී ‍ලංකාවට පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් ලබාදීම සුදුසු යැයි 1947 දී සෝල්බරි කොමිසම මඟින් නිර්දේශ කරන ලදී. නව ආණ්ඩු ක‍්‍රම ව්‍යස්ථාව අනුව 1947 වර්ෂයේ පවත්වන ලද මහා මැතිවරණයෙන් පසු ඩී. එස් සේනානායක මහතා අගමැති ධූරයට පත්විය. මෙතුමා සහ බි‍්‍රතාන්‍ය රජය අතර ඇතිවූ සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් වශයෙන් 1948 පෙබරවාරි 4 දින ලංකාවට දේශපාලන නිදහස් හිමිවිය.

(c) Shilpa Sayura Foundation 2006-2017