1910 දී ජාතික නායකයින් සියලූ දෙනා එක්වී ලංකා ජාතික සංගමය පිහිටුවා ගැනීම වැදගත් ඓතිහාසික සිද්ධියකි. ලංකාවට නිදහස ලබා ගැනීමේ ව්‍යාපරය තූළ කැපී පෙනුණු ජේමිස් පිරීස්, එෆ්. ආර් සේනානායක, ඊ. ඩබ්. පෙරේරා, ඒ. ඊ. ගුණසිංහ, ඞී. බී. ජයතිලක, ඩී. එස් සේනානායක, පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් අරුණාචලම්, එස්, ඩබ්, ආර්. ඞී. බණ්ඩාරනායක, ජේ, ආර් ජයවර්ධන වැනි නායකයන් තම කටයුතු ඉදිරියට ගෙන ගියේ මෙම සංගමය තුළිනි.
එහි සභාපති වූයේ පොන්නම්බලම් අරුණාචලම් මහතාය. 1920 දී ඔහුගේ ප‍්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් එංගලන්තයට ගොස් ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ මාලාවක් යටත් විජිත භාර ලේකම්ට ඉදිරිපත් කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස 1920 ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණය ලබාගත හැකිවිය.
1920 ප‍්‍රතිසංස්කරණ ඉංග‍්‍රීසි ආණ්ඩුව විසින් මෙරට ජාතික සමගිය බිඳ දැමීම සඳහා තැබූ ප‍්‍රථම පියවර විය. බ්‍රිතාන්‍යයන්ගේ ව්‍යාස්ථාදායක සභාවට ජාතීන් අනුව මන්ත‍්‍රීන් පත් කිරීමට පියවර ගැනීම ඊට හේතු විය. 1921 දී ව්‍යාවස්ථාදායක සභාවට ද්‍රවිඩ නියෝජිතයෝ තිදෙනෙක්ද තේරී පත්වූහ. ජාතික සංගමයෙන් ඉවත්වූ පොන්නම්බලම් අරුණාචලම් මහතා 1921 දී ද්‍රවිඩ මහජන සභාව පිහිටුවා ගත්තේ ය. එතැන් සිට ලංකා ජාතික සංගමය හා ද්‍රවිඩ මහජන සභාව කටයුතු කළේ වෙන වෙනමය.
1931 ක‍්‍රියාක්මක වූ ඩොනමෝර් ප‍්‍රතිසංස්කරණ යටතේ දේශීය නායකයන්ට රටේ පාලනයට වැඩිපුර හවුලිවීමට අවස්ථාවක් ලැබුණි. මෙය ද අර්ධ වගකීම් සහිත ආණ්ඩු ක‍්‍රමයක් බැවින් පූර්ණ වගකීම් සහිත ආණ්ඩු ක‍්‍රමයක් ඉල්ලා නැවත උද්ඝෝෂණ ඇතිවිය.
1. ආණ්ඩුකරුගේ බලතල අඩු කළ යුතුය.
2. රාජ්‍ය නිලධාරීන් තිදෙනාගේ බලතල ඉවත් කළ යුතුය.
3. පාලන කටයුතු පිළිබඳ පූර්ණ බලතල හා වගකීම් දේශීය ඇමතිවරුන්ට ලබාදීය යුතුය.
යන ඉල්ලීම් තුන 1932 දී ඊ. ඩබ්. පෙරේරා මහතා රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට ඉදිරිපත් කළත් එය ප‍්‍රතික්ෂේප විය.
