බි‍්‍රතාන්‍ය පාලනය නිසා දියුණු වූ ඉංග‍්‍රිසි අධ්‍යාපන ක‍්‍රමය තුළින් ඉංග‍්‍රිසි උගත් මධ්‍යම පංතියක් මෙරට බිහිවිය. වතු වගාව හා ඊට සම්බන්ධ රැකියා වලින් හා ඒවාට සේවා සැපයීම මඟින් හා රේන්ද ව්‍යාපාරයෙන් මුදල් උපයාගත් දේශිය ජන කොටසක්ද මෙම පිරිසට අයක් වූහ. 1850 න් පසුව ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ සඳහා උද්ඝෝෂණ ව්‍යාපර දියත් කළේ මෙම දේශීය මධ්‍යම පන්තියයි.
මෙම උද්ඝෝෂණ ව්‍යාපාරවල මූලික ලක්ෂණය වූයේ සමිති සමාගම් හා සංවිධාන මඟින් තම ඉල්ලීම් සාමකාමීව ඉංග‍්‍රිසි ආණ්ඩුවට ඉදිරිපත් කිරීමයි. මෙම සංවිධාන අතර
1. සිලෝන් නැෂනල් ඇසෝෂියේෂන්
2. හලාවත සංගමය
3. යාපනය සංගමය සහ
4. පහතරට වැවිලි කරුවන්ගේ සංගමය වැදගත් විය.
මෙම සංවිධාන මඟින් කරන ලද ඉල්ලීම් මුළු රටටම පොදු ඒවා නොවීය. මෙකල බිහිවූ ඉංග‍්‍රිසි සහ සිංහල පුවත්පත් සඟරාද ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමට උපකාර විය.
1908 දී ජේමිස් පීරිස් මහතා විසින් මුළු රටටම බලපාන ඉල්ලීම් මාලාවක් ඉදිරිපත් කිරීම වැදගත් සිදුවීමකි. 1910 දී ලැබුණු ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණය එම ඉල්ලීම්වල හා එතෙක් ගෙන ගිය උද්ඝෝෂණවලද ප‍්‍රතිඵලයකි. 1910 ප‍්‍රතිසංස්කරණය අනුව උගත් ලාංකිකයන්ගේ ඡන්දයෙන් ව්‍යවස්ථාදායක සභාවට එක් නියෝජිතයෙකු පත්කර ගැනීමට අවස්ථාව ලැබුණි.
එසේ පත්වූ ප‍්‍රථම ලාංකික නියෝජිතයා වූායේ ශ‍්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මහතාය. ඔහු ව්‍යවස්ථාදායක සභාව තුළ සිටිමින් ආණ්ඩක‍්‍රම ප‍්‍රතිසංස්කරණ සඳහා වූ උද්ඝෝෂණ ව්‍යාපාරය දිගටම ගෙන ගියේය.
ජාතික නායකයින් විසින් ආරම්භ කළ අමද්‍යප ව්‍යාපාරය දේශපාලන අරමුණු පදනම් කරගත් එකක් නොවුවත් පසුකාලීනව ජාතික ව්‍යාපාරයේ පෙරමුණ ගත නායකයන් බොහේ දෙනෙකු එම ව්‍යාපාරය තුළින් බිහිවිය. 1910 න් පසු ඉංග‍්‍රිසි ආණ්ඩුව තම ආදායම වැඩිකර ගැනීම සදහා සුරාසැල් වැඩි වැඩියෙන් ආරම්භ කළ නිසා රට පුරා මත්පැන් උවදුර පැතීරී ගියේය.
බෞද්ධ රටක් මේ අයුරින් සුරාවට බිලිදීම සඳහා ඉංග‍්‍රීසීන් ගත් ක‍්‍රියාමාර්ගයට විරුද්ධව අමද්‍යප ව්‍යාපාරය බිහිවිය. එෆ්. ආර්. සේනානායන, ඞී. එස් සේනානායක, එඞ්මන්ඞ් හේවාවිතාරණ, සී. ඒ. හේවාවිතාරණ, ශ‍්‍රිමත් ඩී. ඩී. සිරිසේන, ඩබ්ලිව්. ඒ සිල්වා යන අය රට පුරා බිහිවූ අමද්‍යප ව්‍යපාර ඒකාබද්ධ කොට මධ්‍යම සංවිධානයක් ගොඩ නැගූහ.
මොවුහු ඉංග‍්‍රිසි ආණ්ඩුවේ සුරුසැල් ආරඹිමේ ප‍්‍රතිපත්තිය දැඩි විවේචනයට ලක් කළහ.
1915 දී ඇතිවූ සිංහල මුස්ලිම් ගැටුමද ජාතික ව්‍යාපාරය ශක්තිමත් කිරීමට හේතු විය. ගම්පොළ බෞද්ධ පෙරහැරක් සම්බන්ධයෙන් ඇතිවූ සිද්ධියක් මත මහනුවරින් ආරම්භ වූ මේ ගැටුම කුරුණෑගල හා කොළඹ යන ප‍්‍රදේශවලද පැතිරී ගියේය. ඉංග‍්‍රීසි ආණ්ඩු යුද්ධ නීතිය (මාර්ෂල් ලෝ) පනවා එය දැඩි ලෙස මර්ධනය කළේය. ඉන්පසුව ජාතික ව්‍යාපාරවල හා අමද්‍යප ව්‍යාපාරයේ නායකයන් සිරභාරයට ගනු ලැබිණි. තවත් කීප දෙනෙකු මරා දමන ලදහ.
බෞද්ධයන්ට සිදුවූ මේ අසාධාරණය ගැන කරුණු ඉදිරිපත් කිරීමට ඊ. ඩබ්ලිව්. පෙරේරා, ඩී. බී. ජයතිලක, පොන්නම්බලම් රාමනාදන් ඇතුළු නායකයෝ කීප දෙනෙක් එංගලන්තයට ගියහ. ඔවුන් ඉදිරිපත් කළ ඉල්ලීම් අනුව සිංහල, මුස්ලිම් ගැටුම පිළිබඳව පරීක්‍ෂණ කමිටුවක් පත් කරවා ගැනීමට ජාතික නායකයින්ට හැකිවීම ජාතික ව්‍යාපාරයේ ජයග‍්‍රහණයක් විය.
