1848 මාතලේ කැරැල්ල
 

1848 කැරැල්ලේ පසුබිම
1833 දී ලංකාවට පැමිණි කෝල්බෲක් සාමිවරයා විසින් කළ යෝජනා ක‍්‍රියාත්මක වීමෙන් පසු රට තුළ වෙනස්කම් රැසක් සිදුවිය.

1. මෙම යෝජනා මඟින යුරෝපීය ව්‍යාපාරිකයන් හා වැවිලිකරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ අතර ගැමි ජනතාව පිළිබඳව සැලකිල්ලක් නොදැක්වීය.

2. ගොවි ජනතාවගේ ගැටලූ නිරාකරණය කිරීම සඳහා ගම් මට්ටමෙන් ආයතන කිසිවක් නොවූ බැවින් ඉතා සුළු ආරවුලක් සඳහා වුවද නඩු මගට බැසීමට ඔවුන්ට සිදුවිය. එහිදී ඔවුන් නීතිඥයන්ගේ ගොදුරු බවට පත් වූහ. නඩු කල් දැමීම, මුද්දර ගාස්තු අය කිරීම නිසා ගැමියෝ පීඩාවට පත්වූහ.

3. රාජකාරි ක‍්‍රමය අවලංගු කිරීම නිසා වැව් අමුණු හා වාරිමාර්ග පාලනය අඩාලවීම නිසා කෘෂිකර්මාන්තය පිරිහී ගියේය.

4. රේන්ද ක්‍රමය යටතේ රට පුරා සුරාසල් බිහිවීම නිසා දුරාචාරය පැතිරෙන්නට විය.

5. බ්‍රිතාන්‍යන්ගේ වතු වගාව සඳහා ගැමියන් සතු ඉඩම් බලහත්කාරයෙන් ලබාගත් නිසා ගැමියන්ට පාරම්පරික ඉඩම් අහිමි විය.

6. රාජ්‍ය නිලධාරීන් වැවිලි කර්මාන්තයට නැඹුරුවීම නිසා ඔවුන්ගේ රාජකාරි කටයුතු අඩාල වීමත් අකාර්යක්ෂම වීමත් සිදුවිය.

7. බෞද්ධාගමට කරන ලද වෙනස්කම් නිසා බෞද්ධ භික්ෂූන් වහන්සේලා මහත් සේ කලකිරීමට පත්වූහ. උඩරට රදළයෝද තමන්ට කළ වෙනස්කම් නිසා කලකිරිමට පත්විය.

8. රට ආර්ථික පරිහානියට පත්වීම නිසා බි‍්‍රතාන්‍ය රජය සාමාන්‍ය ජනතාව පිට අලූත් බදු රාශියක් පැනවීමෙන් මහජනතාව කළකිරීමට පත්වූහ. මෙම අලූත් බදු වර්ග අතර බලූ බද්ද, බෝට්ටු බද්ද, මාර්ග බද්ද, ඇඟ බද්ද, තුවක්කු බද්ද, යන ඒවා ඉතා අසාධාරන බදු වීය.

මීට අමතරව තවත් අලූත් බදු වර්ග 30ක් පැනවීමට ඉංග‍්‍රිසි රජය සූදානම් වන බවට රට පුරා ආරංචියක් පැතිර ගියේ ය.

මෙම බදුවලට විරෝධය පෑම සඳහා උඩරට ප‍්‍රදේශ කීපයක රැස්වීම් හා පෙළපාලි සංවිධානය කරනු ලැබිණි. 1818 ජූලි 6 වන දින බදු විරෝධි ජන කොටසක් දුම්බර රටේ මහත්තයා වූ මඩුගල්ලේ සමඟ මහනුවර දිසාපති හමුවීමට ගිය අවස්ථාවේ ඉංග‍්‍රීසි ආණුඩුව හමුදාව යොදවා ඔවුන්ට පහරදීම කැරැල්ල ඇතිවීමට ආසන්න හේතුව විය.

1818 කැරැල්ල මෙහෙයවන ලද්දේ පුරන්අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා සහ ඩිංගිරාල යන තිදෙනාය. ගැමියෝ දහස් ගණනින් එක්රොක් වූහ. ජුලි 27 වන දින වන විට මාතලේ, නුවර කලාවිය, තමන්කඩුව, හත් කෝරළය සහ හාරිස්පත්තුව යන ප‍්‍රදේශ කැරැුලි කරුවන්ගේ පාලනය යටතට පත්විය.

කුරුණෑගල කැරැලිකරුවෝ හතර කෝරළේ යුවරජු පෙස ඩිංගිරාල පත්කර ගත්හ. ඔවුහු එහි සිරගෙදරට පහරදී රජයේ ඉඩම් පනතට විරුද්ධ වීම නිසා සිරභාරයට පත්වූ අය නිදහස් කර ගත්හ. ඉන්පසු උසාවියට පහර දී ඉඩම් පිළිබඳ වාර්තා පුළුස්සා දැමූහ.

ඉංග‍්‍රිසින් අතිවිශාල යද්ධ හමුදාවක් කැරලි මර්දනය සඳහා උඩරටට එවීය. සිංහල කැරැලිකරුවන් පරාජය කිරීමට ඉංග‍්‍රිසි හමුදාවට හැකිවිය. පුරන්අප්පු හා ඩිංගිරාල ඉංග‍්‍රිසි හමුදාවට අසුවූහ. ඇල්කඩුව ප‍්‍රදේශයේදී ගොංගාලේගොඩ බණ්ඩාද අල්ලාගනු ලැබිණි.

මේ තිදෙනා ඉංග‍්‍රිසින් විසින් ප‍්‍රසිද්ධියේ වෙඩි තබා මරා දමන ලදී. ඩිංගිරාලගේ මළකඳ දින හතරක් එල්ලා තැබූ බව කියවේ. සටනට සම්බන්ධ වූ කුඩාපොළ හිමියෝ දළදා මාළිගාව ඉදිරියේ ප‍්‍රසිද්ධියේ වෙඩි තබා මරා දමනු ලැබූහ. පොදු ජනතාව වෙත ඉංග‍්‍රීස් විසින් පටවන ලද දැඩි පීඩනයට එරෙහිව ඇතිවූ විමුක්ති අරගලය එසේ අවසන් විය.

(c) Shilpa Sayura Foundation 2006-2017