උඩරට ගිවිසුම 1815
 

1815 මාර්තු 02 දින ප‍්‍රකාශයට පත්කළ උඩරට ගිවිසුම මඟින් මහනුවර රාජ්‍යයේ පාලනය බි‍්‍රිතාන්‍යයේ II වන ජෝර්ජ් මහ රජතුමාට පවරා දෙනු ලැබිණි. ශ‍්‍රී ලංකාවේ රාජාණ්ඩු පාලනයද ඒ සමගම අවසන් විය.

මෙම ගිවිසුම නැවත වරක් උඩරට ප‍්‍රධානීන්ට හා මල්වතු අස්ගිරි පාර්ශ්වයන්ගේ මහා සංඝයා වහන්සේලාට පැහැදිලි කර දීමේන් මාර්තු 10 දින බි‍්‍රතාන්‍ය රජය වෙනුවෙන් රොබර්ට් බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරයා එයට අත්සන් තැබීය.

රැස්ව හුන් රදළ ප‍්‍රධානීන් අතුරින් මහාධිකාරම් හා සත් කෝරළ දිසාව වශයෙන් කටයුතු කළ අදිකාරම් වරුන් වූ මොල්ලිගොඩ, සබරගමු දිසාව වූ පිළිමතලාව, ඌව දිසාව වූ මොණරවිල කැප්පෙටිපොළ, මාතලේ දිසාව වූ රත්වත්තේ, වලපනේ දිසාව වූ දුල්ලෑව, බින්තැන්නේ දිසාව වූ මිල්ලෑව සහ තමන්කඩුව දිසාව වූ ගලගම යන අයද අත්සන් කළහ. ඇහැළේපොළ හා ගලගොඩ යන අය මාර්තු 18 වෙනි දින අත්සන් තැබූහ.

බ්‍රිතාන්‍ය ජාතිකයින් ශ්‍රී ලංකාව යටත් කරගන උසඩරට සිංහල ප්‍රධානීන් සමග උඩරට ගිවිසුම අත්සන් තැබූහ. එම ගිවිසුම අස්සනට කළින් සිංහ ධජය ගලවා ඉංගී‍්‍රසි කොඩිය එසවූ විට වාරියපෝල සුමංගල හිමියෝ

“සුදු ජාතිකයෙනි, මේ රට තවමත් අපෙයි. ගිවිසුමට අස්සන් කරන්නත් කළින් තොපගේ කොඩිය ඔසවන්නට අපි ඉඩ නොදෙමු. එය එසවිය හැක්කේ ගිවිසුම සිංහලෙන් ද කියවා අස්සන් තැබීමෙන් පසුව බව දැනගත යුතුයි.” යනුවෙන් පවසා තම ජීවිතය පවා නොතකා වහා ඉදිරියට පැමිණ ඉංගී‍්‍රසි කොඩිය බිම ඇද දමා පාගා සිංහ කොඩිය ඔසවන ලදී.



ගිවිසුමේ වගන්ති සැකෙවින් මෙසේය :

1. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට හා ඔහුගේ ඥානීන්ට රජකම සඳහා තිබුණු සියලූම අයිතිවාසිකම් අහෝසි විය.
2. උඩරට රාජ්‍යයේ පාලන බලතල බි‍්‍රතාන්‍ය කිරීටයට යටත් විය. පැරණි පාලන තන්ත‍්‍රය ඒ අයුරින්ම ක‍්‍රියාත්මක කිරීමටද ඉංග‍්‍රිසිහු පොරොන්දු වූහ.
3. බුද්ධාගම හා එයට සම්බන්ධ ඇදහිලිත් පූජනීය ස්ථාන සහ භික්ෂූන් වහන්සේලාගේ ආරක්ෂා කරන බවට පොරොන්දු වූහ.
4. නීතිය ක‍්‍රියාත්මක කිරීමේදී අමානුෂික වදහිංසා පැමිණවීම තහනම් කළ අතර මරණීය දණ්ඩනය පැණවිමේ අයිතිය බි‍්‍රතාන්‍ය ආණ්ඩුකරු වෙත පවරා ගැනුණි.
5. උඩරැටියන් හා සම්බන්ධ සිවිල් නඩු විභාගවලදී උඩරට නීතියක් උඩරට සිටින උඩරැටියන් නොවන අය සඳහා බි‍්‍රතාන්‍ය නීතියත් ක‍්‍රියාත්මක කිරීමට පොරොන්දු වූහ.

උඩරට ප‍්‍රදේශවල පාලනය සඳහා ආණ්ඩුකරුගේ නියෝජිතයෙක් පත් කරන ලදී. "රෙසිඩන්ට්" නම් වූ මේ තනතුරු සඳහා පත්කරන ලද්දේ ජෝන් ඩොයිලිය. 1816 දී රෙසිඩන්ට්ගේ ප‍්‍රධානත්වයෙන් යුත් කොමසාරිස් මණ්ඩලයක් පිහිටුවන ලදී.

රෙසිඩන්ඞ්වරයාට අමතරව අධිකරණ කොමසාරිස් හා ආදායම් කොමසාරිස් හා ආදායම් කොමසාරිස් යන දෙදෙනාද ඊට අයත් වූහ. ප‍්‍රාදේශීය පාලනය සඳහා අණ්ඩුවේ ඒජන්තවරු කීප දෙනෙක්ද වූහ.



උඩරැටියන් බලාපොරොත්තු වු පරිදි රජු එළවා දමා සුදුසුසෙකුට රජකම ලබාදීම ඉංග‍්‍රීසින්ගෙන් ඉටු නොවීම නිසා ජනතාවගේ විරෝධය ඉංග‍්‍රීසින් වෙත එල්ල විය. උඩරට ප‍්‍රභූන්ට ඉංග‍්‍රිසි නිලධාරින් යටතේ කටයුතු කිරිමට සිදුවීම නිසා රදළයන්ගේ බලතල හා වරප‍්‍රසාද අඩුවී ගියේය.

ඉංග‍්‍රිසින් කඩවත් බදු අහෝසි කළ නිසා රදළයන්ගේ ආදායම් මාර්ග අවහිර විය. බුදු සසුන හා සංඝයා වහන්සේලා ආරක්ෂා කරන බවට ගිවසුමේ දී තිබුණ පොරොන්දු එලෙසම ක්‍රියාත්මක නොවීම නිසා උන් වහන්සේලාද කලකිරීමට පත්වූහ.

(c) Shilpa Sayura Foundation 2006-2017