තෝමස් මේට්ලන්ඞ් ලංකාවට යෝග්‍ය පාලන ක‍්‍රමයක් සකස් කිරීම සඳහා උනන්දු වූ ක‍්‍රියාශීලී පුද්ගලයෙකි.
1. උඩරට රාජ්‍යය සමඟ සාමයෙන් සිටීමට උත්සාහ කළේය.
2. මුහුදුබඩ ප‍්‍රදේශවල පරිපාලන ක‍්‍රමය ප‍්‍රතිසංස්කරණය කළේය.

උඩරට නිළමේ වරු සමග මේට්ලන්ඩ්
උදාහරණ :
1. රාජකාරි ක‍්‍රමය නැවත ඇති කිරීම
2. ඉංග‍්‍රීසි නිලධාරීන්ට දේශීය ජනතාව සමඟ සමීප සබඳතා ඇතිකර ගන්නා ලෙස නියෝග කළ අතර ඒ සඳහා පහසුකම් ද ඇති කළේය.
3. සිවිල් සේවකයන්ගේ උසස්වීම් සඳහා සිංහල හෝ දෙමළ භාෂා ප‍්‍රවීණත්වය අනිවාර්ය කළේය.
(මෙය දේශීය නිලධාරීන්ගේ බලය අඩු කොට ඉංග‍්‍රීසි නිලධාරීන්ගේ බලය වැඩි කිරීමට ගත් පියවරක් බව පෙනේ).
4. අධිකරණ හා නීති ප‍්‍රතිසංස්කරණ කීපයක් ඇති කළේය. ඒ යටතේ වැදගත් පියවර කරුණු කීපයක් පහත දැක්වේ.
1810 දී ජූරී සභා ක‍්‍රමය මෙරටට හඳුන්වා දීම.
දේශීය නීතීය හා රෝම ලන්දේසි නීති ක‍්‍රමය හොඳනි දැන සිටි ලන්දේසි විනිසුරුවන්ගේ සේවට දිගටම ලබා ගැනීම.
ලන්දේසීන් විසින් රෝමානු කතෝලිනකයන්ට විරුද්ධව පනවා තිබූ නීති අවලංගු කොට ඔවුන්ට ද රෙපරපාමු භක්තිකයන්ට ලැබුණු සියලූ වරප‍්‍රසාද ලබාදීම.
යුරෝපා ජාතීන්ට කොළඹින් පිට ප‍්‍රදේශවල ඉඩම් මිලට ගැනීමට තිබූ තහනම ඉවත් කිරීම. වෙළඳ කටයුතු පුළුල් කිරීමේ පරමාර්ථයෙන් මෙම වෙනස සිදු කර ඇත.
