දහතුන්වන කොටස
 


 

ජූජක බමුණු තැනින් තැන ගොස්‌ හිඟමන් ඉල්ලූ ආකාරය

දේවා සිරිවාද ලබමින් යෙහෙන්නා
වේවා යස ඉසුරු මැතිඳුට නොමින්නා
බෝවා කලක්‌ සෙත ලැබුමට පතන්නා
ආවා මහතුනේ ගෙදරට හිඟන්නා

පෙරකළ නපුරු පව් පලදීලා මෙම ට
ගහකොළ ගේ දොරත් මොකවත් නැත දැන ට
සවිබල නැත කුලී වැඩකර රැකෙන්න ට
මෙය සලකලා මහතුනි වෙනු මට පිහි ට

විසෙනේ මඳක්‌ පිහිටන්ට මෙදුක ට
නෑ අනේ කිසිම නෑදෑයෙක්‌ දැන ට
දීමෙනේ ලැබෙනවා සුර සැප යස ට
හාමිනේ අනේ මොකවත් දෙනු සිත ට

වැස්‌සට තෙමෙනවා අව්වට වේලෙ නවා
ගස්‌යට අම්බලන්වල අපි නවති නවා
මත්තට මොකුත් කරගන්ටත් බැරිවෙ නවා
මෙත්තොට යමක්‌ දුන්නොත් පින් අත්වෙ නවා

නොදී පිනට අද මා වගෙ නොම වෙන්න
දිදී ඔබ තුමා මෙන් මතු උප දින්ට
බැදී මසුරුකම සිඳ හැර දන් දෙන්ට
සැදී දිව්‍ය රතයෙන් දෙව් ලොව යන්ට

මැරෙන්නට බැරුව අය්යෝ ඉල් ලනවා
යදින්නට නොදී සමහරු හැංගෙ නවා
මෙ දැන් මට දුන්නු දේ ඇත සිත් පින වනවා
මැතින් දුට ආයුබෝවන් මම යනවා

(c) Shilpa Sayura Foundation 2006-2017