දිවුල්
 










































දිවුල්  :  Feronia Limonia
පර්යාය නාමය  :  Cratera Valianga
කුලය  :  Rutaceae
සිංහල නාමය  :  දිවුල් / ගිවුල් / ජූල්  : Divul / Givul / Jool
සංස්‌කෘත නාමය  :  කපිත්ථ  :  Kapitta
දෙමළ නාමය  :  වොලාමාරම්  :  Vola Maram
ඉංග්‍රීසි නාමය  : වුඩ් හෝ එලිපන්ට්‌ ඇපල්  : Wood or Elephant Apple
හින්දි නාමය  :  කාඑට්‌  : Kaet
බෙංගාලි නාමය  :  කත්බෙල් : Kathbel






වැවෙන ස්‌ථාන :-


ලංකාවේ බොහෝ පළාත්වල කැලෑබඳව වැවෙන විශාල වෘක්‌ෂයකි. එහෙත් ආර්ථික ලාභ තකා මෙන්ම පලතුරක්‌ වශයෙන් ගෘහස්‌ථව ද බොහෝ අය මෙම වෘක්‌ෂය වගා කිරීමට කැමැත්තක්‌ දක්‌වත්.

ස්‌වාභාවික ලක්‌ෂණ :-


කඳ සෘජුය. ශාඛා රැසකි. හොඳින් වැඩුණු ගසක කඳෙහි වටප්‍රමාණය අඩි 10 සිට 14 දක්‌වා විය හැකිය. ඉතා කුඩා පත්‍ර රාශියකි. සියලුම පත්‍ර උඩු අතට පිහිටා ඇත. වැඩුණු ඵලවල කටුව සුදට හුරු අළු පැහැති වුවත් ඉදුණු පසු කළු පාටට හුරු බොර පැහැතිය. ජනප්‍රිය පලතුරක්‌ වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධියට පත්ව ඇති මෙයින් ජෑම් සහ කෝඩියල් සෑදීමෙන් නිෂ්පාදකයින් විශාල ලාභයක්‌ උපයා ගනී.

වෙනත් විස්‌තර :-


ඉදුණු දිවුල් ගෙඩි වලින් විහිදෙන සුවඳට බොහෝ අය ප්‍රියකරත්. 'දධිඵල' නම් පර්යාය ශබ්දයක්‌ දිවුල්වලට සංස්‌කෘත භාෂාවන් යොදා ඇත්තේ මුදවන ලද කිරි වල රසය මින් ලැබෙන නිසා විය යුතුය. 'කපිත්ථ' යනුවෙන් මෙම ඵල හදුන්වනු ලබන්නේ 'කපිප්‍රිය' හෙවත් 'වානරයන් කැමැති' යන අර්ථය දීම පිණිසය. එක ගෙඩියක්‌ තුළ බීජ 500ක්‌ පමණ ඇත. ඒ සියල්ල කුඩාය. 'දධිත්ථ රස'  යනුවෙන් වෛද්‍ය ග්‍රන්ථවල සඳහන්ව ඇත්තේ දිවුල් මැලියමටය.

ඖෂධ සඳහා යෙදිය හැකි අංග :-  මුලේ පොතු, කොළ, මල්, ගෙඩි සහ මැලියම.


සුවකළ හැකි රෝග  :-  අතීසාරය, වමනය, පෙනහලුගත රෝග.


වමනයට :-
දිවුල් ගැට මද, ගම්මිරිස්‌, වියළි බෙලි ගැට මද, විළඳ හෝ පොරි, වගපුල්, තිප්පිලි සියල්ල එක සමව ගෙන කුඩුකර එන්සාල් ඇට කසාය සමඟ අවුන්ස 1 ½ ක්‌ බීමට දීමෙන් නොකඩවා පවතින වමනය සුවවේ.


නිෂ්පාදිත ඔසු :-
1. කපිත්ථෝෂ්ටක චූර්ණය හෙවත් (කපිත්ථපට්‌ට්‍රා චූර්ණය)

(c) Shilpa Sayura Foundation 2006-2017