නා : | Mesua Ferrea | |
පර්යාය නාමය : | Castania Rossaea Indica | |
කුලය : | Guttiferae | |
සිංහල නාමය : | නා / නාකෙසරු : | Na / Nakesara |
සංස්‌කෘත නාමය : | නාගකසාර : | Nagakasara |
දෙමළ නාමය : | නාගපු : | Nagapu |
ඉංග්‍රීසි නාමය : | අයන් ට්‍රී : | Iron Tree |
හින්දි නාමය : | නාගකේසර : | Nagakesara |
බෙංගාලි නාමය : | නාගෙසාර් : | Nagesar |
තෙලඟු නාමය : | නාගකේශර : | Nagakeasara |
වැවෙන ස්‌ථාන :-
මුහුදු මට්‌ටමෙන් අඩි 4000 අඩු සියලුම භුමිවල වැවෙන වෘක්‌ෂයකි. වෙසෙසින්ම ආරාම හා පන්සල් භූමිවල මෙන්ම ගෙවතු වල ද මෙම ගස වවා ගැනීමට ඈත අතීතයේ සිට ලාංකික ජනතාව රුචියක් දක්‌වා ඇත. ඊට ප්‍රධානම හේතුව එම වෘක්‌ෂයේ මෙන්ම පුෂ්පයන්ගේ ද දක්‌නට ලැබෙන දැකුම්කළු බවයි.
ස්‌වාභාවික ලක්‌ෂණ :-
වෙනත් විස්‌තර :-
ශ්‍රී ලංකාවේ ජාතික වෘක්‌ෂය වශයෙන් ගෞරවාදරයට පාත්‍රව ඇති මෙසුවා නාගස්‌සරියුම් අතීතයේ සිටම ශ්‍රී ලාංකිකයන්ගේ වන්දනාමානයට පාත්‍ර වූ පූජනීය වෘක්‌ෂයකි. නා ගස වශයෙන් ප්‍රසිද්ධියට පත්ව ඇති මෙම ශාකය දෙමළෙන් 'නාගකරම්' යනුවෙන් ද, පාලියෙන් 'නාග' යනුවෙන් ද, ඉංග්‍රීසි බසින් 'අයන් වුඩ්' නමින් ද ව්‍යවහාර වේ.
විහාර හා දේවාල භූමිවල වවනු ලබන මෙම ගසේ ජන්ම භුමිය ශ්‍රී ලංකාවම වුවත් ඉන්දියාව හා බුරුමය ආදී රටවල ද වවනු ලබන්නකි. කේතු ආකාරයක් ගන්නා මෙම ගස මීටර් 25-30 අතර උසට වැවේ. පත්‍ර අළු පැහැතිය. ඝනය. හැඩයෙන් ලන්සාකාරය. ළපටි පත්‍ර රන් පැහැය ගනී. ඉපැරණි සාහිත්‍යකරුවන් ලදුන්ගේ තොල් නා දලුවට උපමා කර ඇත. සුදු පැහැය ඇති. මල් හටගන්නේ කුඩා අතු රිකිළි කෙළවරෙහිය. ඉතා සුගන්ධවත්ය. ගෘහ භාණ්‌ඩ සෑදීමට නා ගසේ කඳ උපයෝගි කර ගැනීමට ලාංකිකයා පුරුදුව ඇතත් ගසේ විවිධ කොටස් ඖෂධීය ගුණයෙන් අනූන බැව් පැරණි වෙද පොත්වල සඳහන්ව ඇත.
ඖෂධ සඳහා යෙදිය හැකි අංග :- පුෂ්ප, රේණු, මුල්, තෙල්.
සුවකළ හැකි රෝග :-
රක්‌තාසීස්, රත්පිත්, රක්‌ත ප්‍රදරය, ප්ලීහාවෘධි, පිපාසය, ප්‍රතිශ්‍යාව.
රක්‌තාසීස් වලට :-
නාමල් අඹරා බටර් හා සීනි මිශ්‍රකර සාදාගනු ලබන පාප්පය අර්ශස් ගෙඩි මත තවරන්න.
සාමාන්‍ය පිලිස්‌සීම් වලට :-
නාමල් රේණු හොඳින් අඹරා පැරැණි එළඟිතෙල් සමඟ මිශ්‍ර කර ආබාධිත ස්‌ථානයන්හි ගෑම යහපත්ය.