ෆෙඩ්රික් නෝර්ත් ආණ්ඩුකාරයා ලංකාවේ මුහුදුබඩ පළාත්වල බි‍්‍රතාන්‍ය බලය ස්ථාපිත කිරීමට මහත් උනන්දුවෙන් කටයුතු කළේය. රට මැද ස්වාධීන රාජ්‍යයක් තිබීම බි‍්‍රතාන්‍ය පාලනයට බාධාවක් වූ නිසා 1803 දී ඔහු උඩරට රාජ්‍යය ආක‍්‍රමණය කළේය. එයට පහත කරුණුද හේතු විය.

2. උඩරට සමඟ කෙරෙන වෙළඳ ගනුදෙනුවලදී කටවත් බදු ගෙවීමට ඉංග‍්‍රිසින්ට සිදුවීම. (කඩවත් යනු උඩරට දේශ සීමාවේ පිහිටි දොරටුව)
3. කොළඹ හා ත‍්‍රිකුණාමලය අතර ගොඩබීම් සම්බන්ධතාව පවත්වා ගෙන යාමට උඩරට රාජ්‍යය බාධාවක් වීම.
4. ඉහත සඳහන් සියලූ කරුණු නිසා ඉංග‍්‍රීසීන්ගේ ආරක්ෂක හා අනෙකුත් වියදම් ඉහළ යාම නිසා කරුණු ෆෙඩ්රික් නෝර්ත්ගේ උඩරට ආක‍්‍රමණයට බලපෑවේය. එම ආක‍්‍රමණය අසාර්ථක වීය
ෆෙඩ්රික් නෝර්ත් ආණ්ඩුකරු ලංකාවේ මුහුදුබඩ පළාත්වල පාලන කටයුතු සම්බන්ධයෙන් ප‍්‍රතිසංස්කරණ කීපයක්ද ඇති කළේ ය.
1. රජයේ පාලන කටයුතු පහසුවෙන් කරගෙන යාම සඳහා දෙපාර්තමේන්තු කීයපක් පිහිටුවීම. (මිනින්දෝරු, තැපැල්, හා පොදු වැඩ දෙපාර්තමේන්තුව)
2. අධිකරණ කටයුතු ප‍්‍රතිසංස්කරණය කිරීම.
3. රාජකාරි ක‍්‍රමය අහෝසි කිරීම හා බදු ප‍්‍රතිසංස්කරණ ඒ අතර වැදගත් වේ.
