බි‍්‍රතාන්‍යයන්ගේ පෙරදිග වෙළඳ කටයුතු හා ඔවුන් ශ‍්‍රි ලංකාව කෙරෙහි අවධානය යොමු කිරීම සිදුවුයේ 18 වන ශත වර්ශයේදීය.
බි‍්‍රතාන්‍යයට සෞභාගය්‍ය හා කීර්තිය උදාකර දුන්නේ ක‍්‍රි. ව. 1600 දී පෞද්ගලික ව්‍යාපාරිකයන් කීප දෙනෙකු එක්වී පිහිටුවා ගත් බි‍්‍රතාන්‍ය පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම නිසාවෙනි.
බි‍්‍රතාන්‍යයේ මහ රැජින විසින් මෙම වෙළඳ සමාගමට පෙරදිග වෙළඳාමේ ඒකාධිකාරී අයිතිය පවරා දී තිබුණි. ක‍්‍රි. ව. 18 වන ශත වර්ෂය වන විට යුරෝපයේ සියලූම රටවල් අභිබවා පෙරදිග වෙළඳ කටයුතුවල ප‍්‍රමුඛස්ථානය ලබා ගැනීමට ඉංග‍්‍රීසින්ට හැකිවිය.
බි‍්‍රතාන්‍ය දේශපාලන අධිරාජ්‍යයක් ගොඩනැගීමේ කාර්යයට ද වෙළඳ සමාගම විසින් විශාල මෙහෙයක් ඉටු කරන ලදී.
1600 වර්ෂයේම ඉන්දියාවට පැමිණි ඉංග‍්‍රීසීහු එවකට ඉන්දියාව පාලනය කළ මෝගල් අධිරාජ්‍යයාගේ අවසරය පිට 1625 වර්ෂයේ ඉන්දියාවේ වෙරළේ පිහිටි සුරාත් හා ට‍්‍රැවන්කෝර් යන ස්ථානවල ද නැගෙනහිර වෙරළේ වූ මසුලිපටම් යන ස්ථානයේ ද වෙළඳ මධ්‍යස්ථාන ආරම්භ කළහ. 1639 මදුරාසියේ ද 1661 දී බොම්බායේ ද 1690 දී කල්කටාවේ ද වෙළඳ මධ්‍යස්ථාන පිහිටුවා ගැනීමට ඔවුන්ට හැකිවිය.
ඉන්දියාව තුළ වෙළඳ කටයුතු ව්‍යාප්ත කරගෙන යන විට ප‍්‍රංශ ජාතිකයන්ගෙන් එල්ල වූ තරඟයට වූ මුහුණ දීමට ඉංග‍්‍රීසින්ට සිදුවිය. 1664 දී ප‍්‍රංශ පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම ආරම්භ කළ ප‍්‍රංශ ජාතිකයන් ඉන්දියාවට පැමිණ පොන්ඩිචේරි, කරිකාල් හා චන්දනගර් යන ස්ථානවල වෙළඳ මධ්‍යස්ථාන පිහිටුවා ගති. මේ කාලය වන විට මේ රාජ්‍යයන් අතර නිරතුරුව ඇතිවූ ගැටුම් නිසා ඒවාට අධාර දීමේ මුවාවෙන් ඉංශ‍්‍රිසිහු හා ප‍්‍රංශ ජාතිකයෝ ඉන්දියාවේ තම බලය තහවුරු කර ගැනීමට උත්සාහයක නිරත වූහ.
ඉංග‍්‍රීසින් ශ‍්‍රි ලංකාව කෙරෙහි අවධානය යොමු කිරීමට හේතු :
1. ඉන්දියාවේ බලය ව්‍යාප්ත කිරීමේදී ඉන්දියන් සාගරයේ නාවික ආධිපතයය තහවුරු කර ගැනීම සඳහා ත‍්‍රිකුණාමලය වරාය වැදගත් වීම. මෝසම් සුළං කාලවලදී ආරක්ෂා සහිතව විශාල නැව් සංඛ්‍යාවක් මෙහි නවතා තැබිය හැකි විය.
2. ත‍්‍රිකුණාමලයේ සිට ඉන්දියාවේ බටහිර හා නැගෙනහිර වෙරළේ වෙළඳ කටයුතු ඉතා හොඳින් මෙහෙයවීමට හැකිවීම.
3. ලංකාවේ කුරුඳුවලට යුරෝපා වෙළඳපළේ වැඩි ඉල්ලූමක් තිබීම හා හොඳ මිලක් ලැබීම නිසා ලංකාවේ කුරුඳු වෙළඳාම තමා අතට ගැනීමට ඉංග‍්‍රීසින් ට අවශ්‍ය වීම.
මේ කාලයේ ත‍්‍රිකුණාමලයේ වරාය ලන්දේසීන් සතුව තිබුණි. ලන්දෙසින් හා ඉංග‍්‍රිසින් යුරෝපයේ මිතුරන්ව සිටි බැවින් ලන්දේසින්ගෙන් එය බලයෙන් උදුරා ගැනීමට ද ඉංග‍්‍රීසින්ට හැකි විය. මේ අතර උඩරට රජ කළ කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු ලන්දේසින් ලංකාවෙන් නෙරපා දැමීමට ඉංග‍්‍රීසින්ගේ ආධාර ඉල්ලීම ඔවුන්ට වාසිදායක විය.
1762 දී ජෝන් ෆයිබස් ප‍්‍රමුඛ ඉංග‍්‍රිසි දූත පිරිසක් උඩරටට යැවූ මුත් එම දූත ගමන අසාර්ථක විය. 1782 හියු බොයිඞ් යටතේ උඩරටට යැවූ දූත පිරිස රජු සමඟ කළ සාකච්ජාවල ප‍්‍රතිඵලයක් ලෙස ඉංග‍්‍රිසිහු සිංහල රජුගේද උපකාර ඇතිව ත‍්‍රිකුණාමල වරායට පහර දී එය අල්ලා ගත්හ.
එහෙත් ප‍්‍රංශ ජාතිකයෝ ත‍්‍රිකුණාමලයට පහර දී ඉංග‍්‍රීසින්ගෙන් එය උදුරාගෙන ආපසු ලන්දේසින්ට බාර දුන්නෝය.
