මහනුවර යුගයේදී ්‍රබිත්ති, සීලිම, ලී භාණ්ඩ, රෙදි කඩදාසි හා මැටි බඳුන් චිත‍්‍ර ඇඳීම සඳහා භාවිත කොට ඇත.
මහනුවර යුගයේ චිත‍්‍ර කලාවේ විශේෂ ලක්ෂණ :
1. බිත්තිය මතුපිට දිගැටි තීරුවලට බෙදා ඒ මත චිත‍්‍ර ඇඳ ඇත.
2. සියලූම රූප වටේට තද කළු රේඛාවක් ඇඳ ඇත.
3. තද රතු හා කහ වර්ණ වැඩියෙන් භාවිත කොට ඇත.
4. ජාතක කතා, සුවිසි විවරණ, දම්සක් පැවතුම, මාර පරාජය හා බුද්ධ චරිතය කතා වස්තුවක ස්වරූපයෙන් අඛණ්ඩව ඉදිරිපත් කොට ඇත.
5. අලංකාරයට හා ශෝභනත්වයට මුල් තැනක් දී ඇත.
6. මේ චිත‍්‍ර නරඹන්නන් තුළ ශ‍්‍රද්ධාව ඇති වන අයුරික් චිත‍්‍රය පිළිබඳ විස්තරයක් පසෙකින් ඉදිරිපත් කර තිබීම.
7. චිත‍්‍රවල ඉරියව් දැක්වීමේදී අත් පා ආදිය අසම්මත ආකාරයට දක්වා තිබීම.
දෙගල් දොරුව, මැදවල, සූරියගොඩ, ගංගාරාමය හා දළදා මාලිගාවේ මහනුවර යුගයේ චිත‍්‍ර විශාල ප‍්‍රමාණයක් දක්නට ලැබේ. මහනුවරින් පිටත පිහිටි කුරුණෑගල, දඹුල්ල, දනගිරිගල, දොඩන්තලේ, කැලණිය හා මුල්කිරිගල යන ප‍්‍රදේශවල පිහිටි විහාරස්ථානවලද මේ යුගයේ චිත‍්‍ර ඇත.
මේ චිත‍්‍රවල අගය රඳා පවත්නේ ප‍්‍රසාංගික වශයෙන් ඒවායේ ඇති හුදු ශෝභනත්වය හා චිත්තාකර්ශණිය භාවය මත නොව නවීන තත්ත්වය අනුව නිපදවිය නොහැකි මහාර්ඝ ඓතිහාසික වාර්තා වශයෙන' බව මධ්‍යකාලීන සිංහල කලා කෘතියේ ආනන්ද කුමාරස්වාමි පවසයි.
මැදවල විහාරයේ චිත්‍රයක්
දෙගල්දොරුව විහාරයේ ගල් සීලිමේ චිත්‍රයක්
ගංගාරාම විහාරයේ චිත්‍රයක්
සූරියගොඩ විහාරයේ චිත්‍රයක්
මාරස්සන විහාරයේ චිත්‍රයක්
