මූර්ති කැටයම්
මේ යුගයේ මූර්ති අතර බුද්ධ ප‍්‍රතිමා, දේව ප‍්‍රතිමා සහ රජවරුන්ගේ ප‍්‍රතිමා දක්නට ලැබේ. ගලින් කළ විශාල මූර්ති මත බදාම ආලේප වර්ණ ගන්වා තිබීමද මේ යුගයේ විශේෂ ලක්ෂණයකි. මෙවැනි ප‍්‍රතිමා ගඩලාදෙණිය, දෙගල්දොරුව, හා අස්ගිරියේ විජය සුන්දරාරාමය යන විහාරවල දක්නට ඇත.
ලංකාතිලක විහාරයේ බුදු පිළිමය


ඇත් දත් හා ලෝහවලින් නිමවා ඇති කුඩා ප‍්‍රතිමා රැසක් මහනුවර යුගයේ බොහෝ විහාරවල දක්නට ඇත. මාලගම්මන විහාරයේ ලෝහමය දේව රූප හා සූරියගොඩ විහාරයේ ඇති මෛත‍්‍රී බෝසත් රූපය කලාත්මක ගුණයෙන් අනූනය. රත් හඳුන් ලීයෙන් කළ බුද්ධ ප‍්‍රතිමාවක් කුණ්ඩසාලයේ විහාරයක ඇත. ඒ හැර මහනුවර කෞතුකාගාරයේ මේ යුගයට අයත් ලීයෙන් කළ උඩරට නිළමේ කෙනෙකු හා මැණිකේ කෙනෙකුගේ රූප දෙකක් සහ තවත් විවිධ ප‍්‍රතිමා රැසක් ඇත.

මෙම කෞතුකාගාරය නැරඹීමෙන් මහනුවර යුගයේ මූර්ති හා කැටයම් පමණක් නොව චිත‍්‍ර කලාව ගෘහ නිර්මාණ ශිල්පය හා ජන ජීවිතය පිළිබඳ තොරතුරු රාශියක් අධ්‍යයනය කළ හැකි වේ.
මහනුවර යුගයේ විහාරවලට පිවිසෙන ඇතුළු දොරටුවට ඉහළින් මකර තොරණ හා දොරටුව දෙපස දොරටුපාල රූප දක්නට ලැබේ. පැරණි මුරගල් හා කොරවක් ගල් වෙනුවට මෙම නිර්මාණය ජනප‍්‍රිය වී ඇත. මැදවල විහාරය වැනි ස්ථානවල මුරගල් ද දක්නට ලැබේ.

මහනුවර යුගයේ සඳකඩ පහණ ත‍්‍රිකෝණාකාර ස්වරූපයක් ගෙන ඇත. දළදා මාලිගය ඉදිරිපස ඇති සඳකඩ පහණ මේ සඳහා හොඳම නිදසුනකි.

කැටයම් නිර්මාණය සඳහා කළුගල්, ඇත්දත්, ලී, හෝ යන මාධ්‍ය උපයෝගී කරගෙන ඇත. පනා, වළලූ, ආභරණ පෙට්ටි, ගෘහ භෘණ්ඩ, කිල්ලෝට වලත් බන්දේසි, පහන්, කෙණ්ඩි ආදියෙහිත් විසිතුරු කැටයමින් අලංකාර කර ඇත. ලාක්ෂා කැටයම් කර්මාන්තයද මේ ඉතා ජනප‍්‍රිය වී ඇත.

කැටයම් නිර්මාණය සඳහා කළුගල්, ඇත්දත්, ලී, හෝ යන මාධ්‍ය උපයෝගී කරගෙන ඇත. පනා, වළලූ, ආභරණ පෙට්ටි, ගෘහ භෘණ්ඩ, කිල්ලෝට වලත් බන්දේසි, පහන්, කෙණ්ඩි ආදියෙහිත් විසිතුරු කැටයමින් අලංකාර කර ඇත. ලාක්ෂා කැටයම් කර්මාන්තයද මේ ඉතා ජනප‍්‍රිය වී ඇත.



