දාරුහරිද්‍රා
 






































දාරුහරිද්‍රා  :  Berberis ariatata
පර්යාය නාමය  :  Berberis
කුලය  :  Berberideae
සිංහල නාමය  : දාරුහරිද්‍රා  : Daruharidra
සංස්‌කෘත නාමය  : දාරුහරිද්‍රා  : Daruharidra
ඉංග්‍රීසි නාමය  :  ඉන්ඩියන් බාබෙරී  :  Indian Barbery
හින්දි නාමය  :  චිත්‍රා  :  Chitra
බෙංගාලි නාමය  :  දාහල්ඩී  : Darhaldi






වැවෙන ස්‌ථාන  :-


කදුකරයේ විශේෂයෙන්ම නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ කැලෑවල වැවෙන පදුරු විශේෂයකි.

ස්‌වාභාවික ලක්‌ෂණ :-


අඩි 6-10 අතර උසට වැවේ. ශාඛා සිහින්ය. පත්‍ර සරලය. සෙ.මී. 4 පමණ දිගැතිය. පොත්ත ලා අළු පැහැතිය. මල් ඉතාමත් කුඩාය. කහ පැහැතිය. කලාතුරකින් ඒ නිල් හා රතු මිශ්‍ර පැහැයක්‌ ගනී. ගෙඩි දිගින් අඟල් ½ පමණ වේ. ඒ තුළ ඇත්තේ බීජ දෙකක්‌ පමණී.

වෙනත් විස්‌තර :-


දාරුහරිද්‍රා වෙනුවට බොහෝ අය වෙනිවැල්ගැට පාවිච්චි කිරීමට පුරුදුව ඇත. වෙනිවැල්ගැටවල උද්භිද විද්‍යා නාමය වනුයේ Coscinium fenestratum ය. දාරුහරිද්‍රා යනු Berberis aristataනම් ශාකයයි. වෙනිවැල්ගැටවල තැනින් තැන ගැට ඉතා හොඳින් දෘශ්‍යමාන වේ. අතීතයේ, ඈත පිටිසර විසූ ගැමියන් තම ගවයන් බැඳ දැමීම පිණිස බාන්වැල් නමින් පාවිච්චි කර ඇත්තේ මෙම වෙනිවැල්ගැට ශාකයයි. කෙසේ වුවත්, දාරුහරිද්‍රා යනු වෙනිවැල්ගැට නොවන වග නම් පැවැසිය යුතුව ඇත. දාරුහරිද්‍රා වලට ගැලපෙන සිංහල නමක්‌ නොමැතිකම විශාල අඩුවකි.

ඖෂධ සඳහා යෙදිය හැකි අංග :-  මුලේ පොතු, කඳ සහ කොළ.


සුවකළ හැකි රෝග  :- උණ, අතීසාරය, සෙංගමාලය, වේදනා සහිත මාස්‌ශුද්ධිය, හමේ රෝග, අක්‌ෂි රෝග.


වේදනාධික මාස්‌ ශුද්ධියට හා ශ්වේත ප්‍රදරයට :-


රසදුන්, බිං කොහොඹ, වනපැල, කලාදුරු, වියළි බෙලිගැට මද, සෙන් කොට්‌ටන් සියල්ල සමව ගෙන (අවුන්ස 2 බැගින්) ජලය අවුන්ස 32 ක්‌ හා මුසුකර මඳගින්නේ ¼ කට සිඳවා මී පැණි සමඟ බීමට දීම.

(රසදුන් යනු දාරුහරිද්‍රා කසායට සමානුපාතිකව පිරිසිදු එළකිරි (යඑට) මුසුකර යහතින් උකුවන සේ සකස්‌කර ගන්නා ඖෂධය)


නිෂ්පාදිත ඔසු :-
1. රසාඤජනාදි චූර්ණය
2. දාර්ව්‍යාදි තෛලය
3. දාර්ව්‍යාදි චූර්ණය

(c) Shilpa Sayura Foundation 2006-2017