කදුරු (විෂ/ගොඩ) : | Strychnos Nux Vomica | |
කුලය : | Loganiaceae | |
සිංහල නාමය : | (විෂ) / ගොඩ කදුරු : | (Visha) / Goda Kaduru |
සංස්‌කෘත නාමය : | විෂ මුෂ්ටි : | Visha Mushti |
ඉංග්‍රීසි නාමය : | පොයිසන් නට් : | Poison Nut |
හින්දි නාමය : | කැවිලා : | Kavila |
බෙංගාලි නාමය : | හල් අල් ජාය : | Hal al Jai |
තෙලඟු නාමය : | කුචිල : | Kuchila |
image |
වැවෙන ස්‌ථාන :-
දිවි කදුරු - ගොන් කදුරු - මූදු කදුරු - විෂ කදුරු හෙවත් ගොඩ කදුරු නම් වර්ග හතරක්‌ම ලංකා පසෙහි කවර දිස්‌ත්‍රික්‌කයක වූවත් වැවෙන අතර, වෙසෙසින්ම විෂයට අදාළ ගොඩ කදුරු නම් වර්ගය නො අඩුව දක්‌නට ලැබෙන්නේ කුරුණෑගල සහ අනුරාධපුර දිස්‌ත්‍රික්‌ක වලය.
ස්‌වාභාවික ලක්‌ෂණ :-
බීජ වලින් හා මුල් වලින් හටගන්න වැඩුණු ගොඩ කදුරු රුකක සාමාන්‍ය උස මීටර් 12-15 අතර වේ. සෘජු කඳකි. ශාඛා බෙදී පවතී. පත්‍රයක මුල් කොටස බොකුටුය. වෘන්තය හෙවත් නටුවක සාමාන්‍ය දිග සෙ.මී. 10 කුත් පළලින් සෙ.මී. 8 කුත් පමණ වන පත්‍රයක හැඩය අණ්‌ඩාකාර වෙයි. පුෂ්ප හටගන්නේ පත්‍ර ගැටිතිවලය. ඒ පෙබරවාරි අග හෝ මාර්තු මාසයේය. මංජරියක මල් 55 පමණ පිහිටයි. හැඩයෙන් පුනිලාකාර වෙයි. කොළ පැහැති ඵලය ඉදුණු කල්හි තැඹිලි පැහැයට පරිවර්තනය වේ එතුළ පැතැලි බීජ 6කි. ඒවා අළු පැහැතිය. ළා රත් පැහැති අරටුව තදය.
ඖෂධ සඳහා යෙදිය හැකි අංග :-
වියළි බීජ ඵලයේ පිට පොත්ත කොළ සහ ගසේ පොතු.
යෙදිය හැකි රෝගි අවස්‌ථා :-
මැලේරියාව, අජීර්ණය, මන්දාග්නිය, අතීසාරය, කොලරාව, කෘමි රෝග, හිස්‌ටීරියාව, අප්‍රාණිකත්වය, මලබද්ධය, නාඩිගත රෝග, ආමවාත සහ ජලභීතිකාව.
අතීසාරයෙන් පසු ඇතිවන උදර වේදනාවට සහ මන්දාග්නියට සුදුසු සංයෝගයක්.
ශුල හරණ යෝගය :-