ආර්ථික කටයුතු
පරිභෝජනය පදනම් කරගත් කෘෂි ආර්ථික රටාවක් තිබුණි. වී වගාව ප‍්‍රධාන විය. අහස් ජලයෙන්, උල්පත් ජලයෙන් හා අමුණු මඟින් හරවා ගත් වාරි ජලයෙන් වී ගොවිතැන සිදුවිය. නිම්න ඔස්සේ විහිදී ගිය හෙල්මළුවල වී වගා කෙරුණි. වෙල්ලස්ස, බිම්තැන්න, ආදී ප‍්‍රදේශවල කුඩා වැව් තිබුණි. කඳු පාමුල වී වගාව ද කඳු ඉස්මත්තේ සුළු වශයෙන් හේන් වගාව ද සිදුවිය. හේන්වල කුරක්කන්, මෙනේරි, වට්ටක්කා, අල, බතල, කව්පි, ආදිය වගා කෙරුණි. ගෙවතුවල කොස්, පොල්, පුවක්, ගම්මිරිස්, සාදික්කා, කරඳමුංගු ආදී මිශ‍්‍ර බෝග වගාව කෙරුණි. වැසියන්ගේ ප‍්‍රධාන ආහාරය බත්ය.
සත්ව පාලන ගෘහ මට්ටමින් සුදු විය. ගවයන් ඇති කිරීමට විශේෂ ස්ථානයක් ලැබුණි.
යකඩ භාණ්ඩ නිෂ්පාදනය, මැටි භාණ්ඩ නිෂ්පාදනය හා රෙදි නිෂ්පාදනය මෙකල ප‍්‍රධාන කර්මාන්ත විය. ඒ හැර පැදුරු * පෙට්ටි නිපදවීම, ආභරණ හා කලාත්මක භාණ්ඩ නිපදවීමද මහනුවර යුගයේ විය. සමහර නිෂ්පාදන සඳහා ප‍්‍රසිද්ධ විශේෂිත ප‍්‍රදේශ විය.
උදාහරණ :
දුම්බර - පැදුරු, පෙට්ටි
උඩුනුවර - පිත්තල භාණ්ඩ
හපුවිද- ලාක්ෂා කර්මාන්තය
වෙළඳාම
අභ්‍යන්තර වෙළඳාම වැවි වශයෙන් භාණ්ඩ හුවමාරුව මත සිදුවිය. මුදල් භාවිතයද සුළු වශයෙන් සිදුවිය.


විදේශ වෙළඳාමටද වැදගත් තැනක් ලැබුණි. උඩරට ප‍්‍රදේශවල නිපදවූ පුවක්, ගම්මිරිස්, එනසාල්, සාදික්කා, ආදිය උඩරටට අයත් වූ වෙරළබඩ පිහිටි වරායන් මඟින් අපනයනය කෙරිණි. පෘතුගීසින්ගේ පැමිණීම දක්වා කාලය තුළ මුස්ලිම් ජාතිකයන් උඩරට සමග සාමයෙන් හා සහයෝගයෙන් වෙළඳාම් කර ඇත.
උඩරට ගම් අඩි පාරවල් මඟින් එකට සම්බන්ධ වූයේ වෙළෙන්දන් නිසාය. රෙදිපිළි, හුණු, ලූණු, දුම්කොළ හා බෙහෙත් වර්ග උඩරට තුළට පිටතින් පැමිණි භාණ්ඩ කීපයකි. පනම හා ලැරිනය හෙවත් කොකු කාසිය උඩරට භාවිත වූ කාසි වර්ග දෙකකි.
