(වල්) කිඩාරම්
 










































(වල්) කිඩාරම්  : Amorphophalls
පර්යාය නාමය  : Arum Campanutus
කුලය  : Araceae
 
සිංහල නාමය  :   කිඩාරම් / වල් කිඩාරම්  : Kidarum / Wal Kidarum
සංස්‌කෘත නාමය  :  සූරණ / වන සූරණ / වජ්‍ර ඛණ්‌ඩ  : Surana / Wana Suran
දෙමළ නාමය  :  කරුනායි / කිලන්ගු  :  Karunai / Kilangu
ඉංග්‍රීසි නාමය  :  ඕල්  :  Ool
බෙංගාලි නාමය  : ජිමි ඛණ්‌ඩ  : Jimi Kanda
තෙලඟු නාමය  :  මන්ක්‌නිඛණ්‌ඩ  :  MancniKanda




image

වැවෙන ස්‌ථාන  :-


"ඇමො(ර්)පෝපැලස්‌ කැම්පැන්‍ය[ලේටස්‌" නම් උද්භිද විද්‍යා නාමයෙන් හැඳින්වෙන වල් කිඩාරම් ශාකය ඉතා හොදින් වැවෙන්නේ ඇළ දොළ අද්දර සහ තෙත සහිත කැලෑ වලය. ඛිඩාරම් වර්ග කිහිපයක්‌ අතුරින් විශේෂිත වූ එක්‌ වර්ගයක්‌ ලාංකික ගැමි ජනතාව එදිනෙදා ආහාරයක්‌ වශයෙන් (විශේෂයෙන්ම පැරණි ගැමි ජනතාව) ගෙවතු වල වගා කර ගත්හ. ඒ වෙනත් දේශීය අල වර්ග මෙන් ආහාරයට ගනු පිණිසය.


ස්‌වාභාවික ලක්‌ෂණ :-


වල් කිඩාරම් වර්ෂාධික කාලයක්‌ පවතී. අල පිහිටන්නේ මුල් කෙළවරේය. තද බොර පැහැති සිවියක්‌ අලය වටා ඇත. මුදුන් මුලේ නොයෙකුත් ස්‌ථාන වලින් කුඩා අල ද හටගනී. මුදුන් මුලේ කෙළවරේ හටගන්නා ප්‍රධාන අලය රාත්තල් 8 දක්‌වා බරැතිව පිහිටි අවස්‌ථා වාර්තා වී ඇත. අර්ශස්‌ සුව කළ හැකි හෙයින් 'අර්සොඝන' නම් පර්යාය ද මෙම ශාකයට යෙදේ.


ස්‌වභාව ධර්මයේ අපූර්වතම නිර්මාණයක්‌ යයි කිවහැකි කිඩාරම් පත්‍රවලට නටුවක්‌ නොමැත. (නිර්වෘත්ත) ප්‍රධාන කඳට බද්ධව පවතින නාරටියක්‌ මත පත්‍ර හටගන්නා අතර එම කොළ වල විශේෂත්වය නම් නාරටියෙන්ම හටගන්නා පත්‍ර මුල්‍යට විවිධ හැඩැතිව නාරටිය දිගේ වැඩී එක්‌වරම එය පළල් වී පත්‍රයක්‌ බවට පත්වේ. විටෙක ඒවා දෙපසට ජෝඩු වශයෙන් ද පිහිටන මුත් සෑම අවස්‌ථාවකම ඒ එසේමයයි පැවැසීම අපහසුය. තවත් විශේෂත්වයක්‌ නම් කොළ පිහිටා ඇති නාරටියේම ශාඛා නාරටියයි කිව හැකි වෙනත් නාරටි 2 ක්‌ හෝ 3 ක්‌ (අතු වැනි) පිහිටනාතර ඒවායේ ද හටගන්නා පත්‍ර ඉහත සඳහන් කළ ආකාරයටම පිහිටයි. සමහර පත්‍ර එක්‌ පසෙකට පමණක්‌ දෙකට බෙදී ඇති අවස්‌ථා ද දක්‌නට ලැබීම සුලබ දර්ශනයකි. එක්‌ කුඩා නාරටියක්‌ මත පත්‍ර 8ක්‌ පමණ පිහිටන අතර මුළු අත්තෙහිම ප්‍රධාන නාරටිය මත කොළ 25-30 අතර සංඛ්‍යාවක්‌ හට ගනී.
පැහැයෙන් කොළ පාට කිඩාරම් පත්‍ර විවිධ ස්‌වරූප ගන්නා බව නම් සත්‍යයකි. පත්‍ර නටුව රවුම් හැඩයකින් යුක්‌තය. තද කොළ පැහැතිය. සිනිදුය. (පත්‍ර) කොපුව සිලින්ඩරාකාරය. පත්‍ර හැලීයාමෙන් පසුව මල් හටගන්නා අතර, ඇති බීජ ප්‍රමාණය වැඩිම වුවහොත් දෙකක්‌ පමණී. බීජ තිත්තය. කර්කෂය. ශැපූ කල්හි දිවෙහි සහ තොල් වල තද දැවිල්ලක්‌ හට ගනී.


සුව කළ හැකි රෝග :-
අර්ශස්‌, අග්නිමාන්දය, දන්ත ශුල, ඉදිමුම, (හීන වී ගිය පුරුෂ ශක්‌තිය වර්ධනය කරගැනීම සඳහා අගනා වාජිකරණ ගුණයෙන් අනූන ඔසුවකි, කිඩාරම් අල ව්‍යාංජනය)


නිෂ්පාදිත ඔසු :-
1. ස්‌වල්ප සූරණ මෝදකය
2. ශුරණ පිණ්‌ඩය
3. වජ්‍රකනද තෛලය


සැ.යු.  :-  කිඩාරම් අලවල පිෂ්ටයේ කැල්සියම්, ඛණිජ, මේදය, වැනි පදාර්ථයත් විටමින් ඒ සහ බී අධික ප්‍රමාණයකුත් පවතී.

(c) Shilpa Sayura Foundation 2006-2017