කරපිංචා
 










































කරපිංචා :  Murraya Koenigii
පර්යාය නාමය  : Murraya Kaenigil
කුලය  : Rutaceae
සිංහල නාමය  : කරපිංචා  : Karapincha
සංස්‌කෘත නාමය  : ක්‍රිෂ්ණා නිම්බ  : Krishnanimba
දෙමළ නාමය  : කරුවේප්පිල්ලායි  : Karuveppailai
ඉංග්‍රීසි නාමය  : කරී ලිෆ් ට්‍රී  : CurryLeafTree
හින්දි නාමය  : කරෙපැක්‌  : Karepak
බෙංගාලි නාමය  : බුර්සන්ග්  : Bursung




image

වැවෙන ස්‌ථාන :-
ව්‍යංජන රසවත් කරගනු පිණිස ගෘහස්‌ථව වගා කරනු ලබන ශාකයක්‌ වුවත් කැලෑබඳව ද වැවෙන්නකි.


ස්‌වාභාවික ලක්‌ෂණ :-
කුඩා ගසකි. විස්‌තර කළ නොහැකි අමුතුම පුසුඹක්‌ පත්‍රයන්හි පවතී. ප්‍රධාන කඳින් බෙදීයන ශාඛා වලිනුත් අතු බෙදේ. එම අතුවලින් හට ගන්නා නාරටිවල දෙපසට (විරුද්ධ දෙසට) විහිදී පවතින පත්‍රිකා ජෝඩු වශයෙන් පිහිටයි. අමු කොළ වල මෙන් වියලුන පසුව ද ඉහත කී සුගන්ධය එසේම පැවතීම මෙම පත්‍රයන්හි දක්‌නට ලැබෙන සුවිශේෂ ලක්‌ෂණයකි. පත්‍රිකා ජෝඩු 8-10 අතර ඇත.


ඖෂධ සඳහා යෙදිය හැකි අංග :- පොතු, කොළ, මුල්.


සුව කළ හැකි රෝග :- වමනය, අතීසාරය, ජවර, සර්ප විෂ, සත්ව දළ විෂ, දද, බිබිළි.


වමනයට :-
කරපිංචා පොතු ඉස්‌ම හෝ කොළ යුෂ හෙවත් සාරය බීමට දීමෙන් වමනය සුව වේ.


දද. බිබිලි හා සත්ත්ව (දළ) විෂ නැසීමට :-
කරපිංචා කොළ මිටක්‌ හෝ දෙකක්‌ ගෙන මැටි බදුනක දමා ඒ මතට එළකිරි වක්‌කර හොඳින් තම්බා ගනී. ඉනික්‌බිතිව එම (තැම්බුණු) කොළ යහතින් අඹරා සාදාගන්නා කල්කය ආබාධිත ස්‌ථානයන්හි තවරා පිරිසිදු රෙදිකඩකින් හෝ වෙලුම් පටියකින් වෙලන්න. තුවාල සුව වන තෙක්‌ එම ප්‍රතිකාර ක්‍රමය කිහිප වරක්‌ම යෙදීම මැනවි.


සර්ප විෂට :-
කරපිංචා නැටි, කොළ හොඳින් අඹරා එළඟිතෙල් මිශ්‍රකර බීමට දෙන්න.


අධි රුධිර පීඩනයට / හෘද රෝග වලට සහ උදරාබාධවලට :-


කරපිංචා නැටි, අරළු, වියළි ඉඟුරු සමව ගෙන කබලෙන් බැඳ කලඩුකර ගන්න. ඉන් පසුව එම ඔසු මිශ්‍රණයට ඇවැසි පමණ ජලය දමා මඳ ගින්නේ රත් කර වරකට තේ හැදි 1 ක්‌ පමණ (කෝපි මෙන් සාදා) උදේ - සවස බීමෙන් බලාපොරොත්තු නොවූ ගුණයක්‌ ලැබේ.

(c) Shilpa Sayura Foundation 2006-2017