ගොකටු
 


































ගොකටු : Tribulus terrestris
පර්යාය නාමය : Tribulus Lanuginosus
කුලය : Zygophyllaceae
සිංහල නාමය  :  ගොකටු  : Gokatu
සංස්‌කෘත නාමය  : ගෝක්‌ෂුර  : Gokshura
දෙමළ නාමය  : නේරුංගිල්  : Nerungil
හින්දි නාමය  : ගෝක්‌රු  : Gokhru






වැවෙන ස්‌ථාන :-
ගස්‌වැල් වලින් ගැවසී ගත් මුහුදුබඩ ප්‍රදේශයේ හොඳින් වැවේ.


ස්‌වාභාවික ලක්‌ෂණ :-


බිම දිගේ ඇදී යන වැල් විශේෂයකි. මුල් ඉතා සිහින් ය. කෙදි සහිතය. සෙ.මී.10-12 දිගය. සිලින්ඩරාකාරය. මඳක්‌ බොර පැහැතිය. කඳ දිගින් අඩි 2 ½ වෙයි. පත්‍ර උල් සහිතය. ඒවා ජෝඩු 5 හෝ 6 වශයෙන් පවතී. මල් පිහිටා ඇත්තේ කෙටි නටුවක්‌ මතය. ඒ පෙති පහකින් සමන්විත වේ. කහ පැහැතිය. තුඩවල් 5 කින් යුක්‌ත වන ගෙඩි ඉතා කුඩාය. තෙල් සහිතය. ජීව කෝෂය ශක්‌තිමත්ය.

ඖෂධ සඳහා යෙදිය හැකි අංග :-  මුල්, කඳ හා පත්‍ර


සුව කළ හැකි රෝග :-  මූත්‍රාකෘච්ජය, මූත්‍රාග්මරී, සමාජ රෝග (ගොනෝරියාව), ද්වජ භංගය


ද්වජ භංගයට :-


ගොකටු මුල් චූර්ණයට සමානව තල ඇට ගෙන හොඳින් අඹරා ඒ මතට මීපැණි ඩ්‍රෑම් 3 ක්‌ ද බැටළු කිරි අවුන්ස 4 ක්‌ ද දමා හොඳ හැටි මිශ්‍රකර දිනකට දෙවරක්‌ බැගින් දින 7 ක්‌ නොකඩවා පාවිච්චි කිරීමෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත හැකිය.
ගොකටු ගෙඩි අවුන්ස 3ක්‌ හොඳින් අඹරා යඑට ජලය අවුන්ස 30ක්‌ දමා මදගින්නේ ¼ ට සිඳවා අවුන්ස 4 බැගින් දිනකට දෙවරක්‌ යවක්‍ෂාර ලුණු සුළු ප්‍රමාණයක්‌ සමඟ බීමට දෙන්න.

නිෂ්පාදිත ඔසු :-
1. ශුරණ මෝදකය

(c) Shilpa Sayura Foundation 2006-2017