තිරස්‌සවාලු : | Ipomaea turpethum | |
පර්යාය නාමය : | Convolvulvs Aurpethum | |
කුලය : | Convolvulaceae | |
සිංහල නාමය : | තිරස්‌සවාලු / ත්‍රස්‌ථවාලු : | Thirassawalu |
සංස්‌කෘත නාමය : | ට්‍රිවිටී (ත්‍රිවිරිටි) : | Thrivrit |
දෙමළ නාමය : | චිවඩායි : | Chivadai |
ඉංග්‍රීසි නාමය : | ඉන්ඩියන්ජලාප් : | Indian Jalap |
හින්දි නාමය : | පිතොර : | Pithora |
බෙංගාලි නාමය : | ටෙඕරි : | Teori |
තෙලඟු නාමය : | ටෙගාඩා : | Tegoda |
image |
වැවෙන ස්‌ථාන :-
මධ්‍යම පළාත, මොනරාගල දිස්‌ත්‍රික්‌කය හා පහතරට පළාත්හි ආවරණය සහිත තෙත් භුමිවල සරුවට වැවෙන වැල් විශේෂයකි. බහු වාර්ෂිකය. සිහින් දිග මුලකින් යුක්‌ත වන මෙම වැල කෝණාකාර ස්‌වරූපයක් දරයි. ඝාංශලීය. මෘදු පුෂ්පයන්ගේ පෙති පියාපත් වැනිය. කඳ දීර්ඝය. අගල් 4ක් පමණ දිග පළලකින් යුත් පත්‍ර අණ්‌ඩාකාරය. දීර්ඝ නටුවකි. තරමක් විශාල මල් ද්විලිංගිකය. සුදු පැහැති මල් කරල් 1 ½ පමණ දිගැතිය. මේරූ පසු පුපුරයි. වර්ග දෙකකින් යුත් ති\රස්‌සවාලු ඇත. ඒ සුදු මල් වර්ගය හා කළුමල් වර්ගය යනුවෙනි.
කළුමල් වර්ගය ආයුර්වේද ග්‍රන්ථවල සඳහන්ව නොමැත. ශේවිත වර්ණයෙන් යුත් ත්‍රත්ථවාලුවල මල් හටගන්නේ මැයි සහ නොවැම්බර් මාසවලය.
ඖෂධ සඳහා යෙදිය හැකි අංග : පංචාංගයම
සුවකළ හැකි රෝග :- අර්ශස්, කුෂ්ඨ, සෙංගමාලය, ක්‌ෂය රෝගය, අග්නිමාන්දය, ශොථ.
සෙංගමාලය සහඉ ඳිමුමට :-
නිෂ්පාදිත ඔසු :-
1. ත්‍රිවෘතාදි ක්‌වාතය
2. මානිභද්‍ර වටකය
3. මානිභද්‍ර මෝදකය
4. ත්‍රිවෘතාදි මෝදකය
5. ත්‍රිවෘතාදි ශුටිකාව