කරල් හැබ
 














































කරල් හැබ  :  Achyranthes aspera
පර්යාය නාමය  :  Achyranthes bideataza
කුලය  :  Amaranthaceae
සිංහල නාමය  :  කරල්හැබ  :  Karalheba
සංස්‌කෘත නාමය  :  අපාමාර්ග / වෘන්තඵල / ශිඛරි  : Apamarga / Sikari
දෙමළ නාමය  :  ෂ්රු කඩලාඩි  :  ShruKadaladi
ඉංග්‍රීසි නාමය  :  ප්‍රික්‌ලි චාෆ් ෆ්ලවර්  :  Prickly chaff Flower
හින්දි නාමය  :  චිර්චීර  : Chirchira
බෙංගාලි නාමය  :  අපන්ග්  :  Apang
තෙලඟු නාමය  :  උත්තරේනි  :  Uttareni




image

වැවෙන ස්‌ථාන :-


ශ්‍රී ලංකාවේ වැඩි අවධානයකට පත් නොවූ සෑම බිමකින්ම සොයාගත හැකි පැළෑටියකි. වර්ග 3 කි. බිම් කරල් හැබ, සුදුමල් වර්ගය හා රතුමල් වර්ගය යනුවෙනි.

ස්‌වාභාවික ලක්‌ෂණ  :-


කුඩා ශාකයකි. අඩි 2-4 දක්‌වා උසට වැඩේ. කඳ සෘජුය. ශාඛා පිහිටන්නේ ජෝඩු වශයෙනි. ගැට සහිතය. කඳෙහි බූවක්‌ ඇත. ඉතා කෙටිවට පිහිටන නටුවෙන්ම බීජ හටගනී. ඒවා වටා ශක්‌තිමත් කොකු පිහිටා ඇත. යමෙකු ගස අසලින් ගමන් කරන විට ඇඳිවත ඒවායේ පැටැලේ. වස්‌ත්‍රය ගලවා ගැනීමට තරම් මෙම කොකු දැඩි හෙයින්ම මෙම පැළෑටියට 'වෙසඟන' යන නාමය ද පටබැඳි ඇත. පත්‍ර එතරම් නොමැත. කුඩාය. එනිසාම මෙම පැළෑටිය 'කේෂ පර්ණි' නමින් ද හැඳින්වේ.
ඒවායේ මද බූවක්‌ පවතී. ඕවලාකාරය. මල් රැසකි. කොළ පැහැතිය. මලේ උපමණිය ගොරෝසුය. ඝණය. බීජ දිගැතිය. බොර පැහැය ගනී. රසයෙන් තිත්ත කටුක වන කරල්ගැබ ගුණයෙන් ලඝූය.

ඖෂධ සඳහා යෙදිය හැකි අංග  :-  මුළු පැළෑටියම.


ගුණ  :-   මූත්‍රා කාරකයකි. ඝාස්‌ ශුද්ධිය වළක්‌වයි.


සුව කළ හැකි රෝග  :-  මූත්‍රාබාධ, උදර රෝග, අක්‌ෂි රෝග, කාස, සිසිලිස්‌, කුෂ්ඨ.


සියලු සර්ප විෂට :-
1. කරල්හැබ මුල් හා ගම්මිරිස්‌ තම්බා පානය කරවීම.
2. මුල් ගිතෙලින් අඹරා සහල් පානුමෙන් පෙවීම.


අතීසාරයට  :-
කරල්හැබ කොළ හොදින් කොටා පෙරා ගනු ලබන යුෂට ගිනියම් වන තෙක්‌ රත් කරන ලද යකඩ කැබැල්ලක්‌ ඒ මතට (යුෂට) දමා කකාරවා මීපැණි මිශ්‍රකර බීමට දීම.


නිෂ්පාදිත ඔසු  :-
1. අපාමාර්ගක්‍ෂාර තෛලය
2. අපාමාර්ග සෘතය
3. අපාමාර්ග චූර්ණය

(c) Shilpa Sayura Foundation 2006-2017