(එල) කොබෝලීල
 


































(එල) කොබෝලීල  :  Bauhinia Acuminata
පර්යාය නාමය  :  Velutta Mandarua
කුලය  :  Leguminosae
සිංහල නාමය  :  එලකොබෝලීල  : Elakoboleela
සංස්‌කෘත නාමය  :  කොවිදාරු  :  Kovidaru
හින්දි නාමය  :  කුචුනාර්  :  Cuchunar
බෙංගාලි නාමය  :  කන්චූන්  :  Canchun




image

වැවෙන ස්‌ථාන :-
මෙම වර්ගය ද රතු කොබෝලීල මෙන් ගෙවතුවල වගා කරනු ලබන්නකි. අඩි 8-10 පමණ උසට වැඩේ.


ස්‌වාභාවික ලක්‌ෂණ  :-


ශාඛා සෑම දිශාවකටම පැතිර පවතී. විශාලය. පොත්ත බොර පැහැතිය. නටුවක්‌ සහිත පත්‍රයන්හි කුඩා නාරටි අටක්‌ පමණ වේ. සෙ.මී. 5-10 පමණ දිගැතිය. මල් විශාලය. හටගන්නේ ස්‌වල්පයකි. පැහැයෙන් සුදුය. කරල් පවතී. එතුළ බීජ 8-12 අතර ඇත.

ඖෂධ සඳහා යෙදිය හැකි අංග :- මුල්, පොතු, මල්.


ගුණය :-
මුල් ගින්න වඩවයි / පොතු හම හකුළුවයි. ඝල් විරේචනිය ගුණයෙන් යුක්‌තය.


සුව කළ හැකි රෝග  :-
අතීසාරය, චර්ම රෝග, උණ.


නිෂ්පාදිත ඔසු :-
1. කාඡඅනාර ගුග්ගුලුව

(c) Shilpa Sayura Foundation 2006-2017