කතුරු මුරුංගා
 










































කතුරු මුරුංගා  :  Sesbania Grandiflora
පර්යාය නාමය  :  Coronilla grandiflora
කුලය   :   Leguminosae 
සිංහල නාමය  :  කතුරුමුරුංගා  :  Katurumurunga
සංස්‌කෘත නාමය  :  අගස්‌ති  :  Agasthi
දෙමළ නාමය  :  අකාටිකීරායි  :  Akaati Keerai
හින්දි නාමය  :  භෂ්න  :  Basna
බෙංගාලි නාමය  :  බුකෝ  :  Buko
තෙලඟු නාමය  :  අවිසි  :  Avisi






වැවෙන ස්‌ථාන  :-


ශ්‍රී ලංකා පසෙහි කවර ප්‍රදේශයක වුවත් වැවෙන ශාකයකි. අනාදිමත් කාලයක සිට ගෙවතුවල මෙය වගා කරනු ලබන්නේ එහි කොළ, මල් හා ළපටි කරල් ව්‍යංජන සඳහා ගන්නා බැවිනි.

ස්‌වභාවික ලක්‌ෂණ :-


සෘජු කඳකින් යුත් ක්‌ෂණිකව වැඩෙන මධ්‍යම ප්‍රමාණයේ ගසකි. වැඩුණු ගසක්‌ උසින් අඩි 10 පමණ වෙයි. පොත්ත සිනිදුය. පියාපත් වැනි පත්‍ර කිහිපයක්‌ එකට සම්බන්ධව ඇත. කොළයක්‌ කුඩා පත්‍රිකා යුගල 15 හෝ 20 කින් සමන්විත වේ. කොළයක දිග අඟලක්‌ හෝ අඟල් 1 ½ පමණ වෙයි. බොහෝ අවස්‌ථාවල පත්‍රිකා නිද්‍රාචලන ගතියක්‌ පෙන්නුම් කරයි. පත්‍ර රඳා ඇත්තේ ඉතා සියුම් බූවක්‌ නටුවක ය. කතුරු මුරුංගා දෙවර්ගයකි. ක්‍ෂතු මල් වර්ගය හා සුදු මල් වර්ගය නමිනි. මල් කිනිති වශයෙන් හෙවත් මංජරී වශයෙන් පිහිටයි. සාමාන්‍යයෙන් විශාල වූ මල්වල කෙළවර ගිරා හොටක සිරි දක්‌වයි. කරල් හටගන්නේ අඟල් 10-12 පමණ දිගැති නටුවක කෙළවරෙහිය. කරල් තුලැති බීජ බෝංචි, බීජයක හැඩයට සමානය. මෙම බීජ ශාකය අගස්‌ති නමින් හදුන්වා ඇත්තේ වේද සහ ආයුර්වේදය පිළිබඳ ග්‍රන්ථ රැසක කතුවරයා වූ අගස්‌ති සෘෂිවරයා මතක්‌වීම පිණිසය. කරල්වල හැඬය කතුරක්‌ මෙනි. ංප කවුරුත් හොඳින් දන්නා එළවළුවක්‌ වන මුරුංගා වල ස්‌වරූපය මේ වර්ගයේ කරලේද පිහිටා ඇත.

ඖෂධ සඳහා යෙදිය හැකි අංග :-


මුල් පොතු, කඳේ පොතු, කොළ, මල්

මුලේ පොතු : සෙම පිටකරවයි. ඪියලි කැස්‌සට හුතකරය.

කඳේ පොතු : හම හකුළුවන ගුණයෙන් යුක්‌තයි.

රසායනික සංයෝග : ප්‍රෝටීන, පයිබර්, විටමින් ඒ වලට අමතර අම්ල වර්ගයක්‌ ද ඇත

(c) Shilpa Sayura Foundation 2006-2017