දොළොස්වන කොටස
 

ජූජක බමුණුගේ පිළිවෙල කතාව-බමුණුගේ අන්දම

නිකට උලයි දික්‌ හ;ගුරැවුලයි කට දත් ඇදිලයි පොල්මුල් වාගේ
පයබකලයි බරවා කඩියයි ලොකු බඩගෙඩියයි කලයක්‌ වාගේ
ඇඟ කොරලයි ඇස්‌ කබ පිරිලයි කොදු ඇටමහගොඩයි කිඹුලා වාගේ
වකගැහිලයි හිස පැතැටියයි දුට බඩ දගලයි හැටි බමුණාගේ

 
බැමිණිගේ ලක්‌ෂණ

හොදට රතයි දිගුනිල් වරලයි සිනහා මූනයි දත් මුතු වාගේ
තිඹිරි වගෙයි පිය යුරු සඟලයි දිගු නෙත් යුවලයි නිලුපුල් වාගේ
වයස යසයි ඇඟ හොදට හැඩයි යන ගමන රුවයි ඇතිනිය වාගේ
මිහිරි හඬයි දුටුවන් පිනවයි රූපය කදිමයි ඒ බැමිණිගේ

(c) Shilpa Sayura Foundation 2006-2017