කටු කරඬු : | Barieria Prionits | |
පර්යාය නාමය : | Colletta Veetla | |
කුලය : | Acanthaceae | |
සිංහල නාමය : | කටුකරඬු : | KatuKaradu |
සංස්කෘත නාමය : | කුරුන්ටක : | Kuruntaka |
දෙමළ නාමය : | චෙම්මුල්ලි : | Chemmulli |
හින්දි නාමය : | කට්සේරිය : | Katseriya |
බෙංගාලි නාමය : | කන්ඨජාති : | Kantajathi |
තෙලඟු නාමය : | මුල්ලුගොරන්ට්ස් : | Mullu gorants |
image |
වැවෙන ස්ථාන :-
වියළි කලාපයේ කැලෑවල වැවෙන කුඩා පදුරු විශේෂයකි.
ස්වාභාවික ලක්ෂණ :-
අතු රැසකි. පත්‍ර දාර නොනැමී පවතී. කඩතොලු නොමැත. පත්‍රවලටත් කඳටත් අතර ඉතා තියුණු කටු ඇත. මල් ද්විලිංගිකය. කුඩාය. තැඹිලි පාටින් යුක්තය. මෙම පැළෑටියේ උස සාමාන්‍යයෙන් අඩි 4 පමණ වේ. මල් පිහිටා ඇත්තේ කඳටම බද්ධව ය. ඒවා තරමක් විශාලය. කහ පැහැතිය. මල් උප මණි පත්‍රවලින් යුක්තය. ස්ත්‍රී කේශරයේ මුදුන සිලින්ඩරාකාරය. කේතුවක් වැනි කරලක් තුළ බීජ ඇත්තේ දෙකකි. ඒවාට වෙන වෙනම කාමර පවතී.
ඖෂධ සඳහා යෙදිය හැකි අංග :- කොළ සහ මුල්.
සුව කළ හැකි රෝග :
උණ, පීනස, කැස්ස, චර්ම රෝග, මූත්‍රා කෘවජ්ර, වාත රක්ත, ග්‍රන්ථි ඉදිමුම.
සෙම් සහිත උණ, කැස්ස සහ පීනසට :-
කටු කරඬු කොළ ඉස්මට සීනි හෝ මීපැණි මිශ්‍රකර පිළියෙළ කර ගන්න. එම ඖෂධය දිනකට දෙවරක් මේස හැඳි 2 බැගින් පානය කිරීමෙන් සහනයක් ලබා ගත හැකිය.
අණ්ඩකෝෂයේ ඉඳිමුමට සහ කටි ශුලයට :-
කටු කරඬු මුල්, එරඬු මුල්, නිකමුල් පොතු, (අවුන්ස 2 බැගින්) සිහින්ව කපා අවශ්‍ය පමණ ජලය මුසුකර මඳ ගින්නේ තම්බා ¼ සිඳ සහිඳ ලුණු, එරඬු තෙල් සුළු ප්‍රමාණයක් මිශ්‍ර කර උදේ සවස බීමට දීම.