කජු
 






























කජු : Anacardium Occidentale
පර්යාය නාමය : Aesjuba Oceidentalis
කුලය : Anacardiaceae
සිංහල නාමය : කජු : Kaju
සංස්‌කෘත නාමය : කජුටක : Kajutaka
ඉංග්‍රීසි නාමය :  ද කැෂුනට්‌ : The CasheawNut




image

ස්‌වභාවික ලක්‌ෂණ :-


මධ්‍යම ප්‍රමාණයේ ගසකි. කඳ එතරම් විශාල නැත. වකගැසී, ඉහළට වැඩේ. සිව් දෙසට විහිදී යන ශාඛා පවතී. පත්‍ර දිගට නොවැඩේ. කෙළවර රවුම්ය. දෙපසම සිනිදුය. මල් පොකුරු වශයෙන් පිහිටයි. ලා කොළ පැහැතිය. ඵලය පිහිටන්නේ පුහුලමේ කෙළවරය. ඵුහුලම දිගින් සෙ.මී. 5-7 පමණ වේ. පෙයාර්ස්‌ ගෙඩියක හැඩය ගනී. මේරූ පසු රතු මිශ්‍ර කහ පැහැතිය. කජු බීජ තුළ පවතින මදය සුදු පැහැතිය. ඉන් සිඳ ගන්නා තෙල් ඔලිව් තෙල් වලට වඩා ආර්ථික මෙන්ම ගුණාත්මක වටිනාකමින් ද අධිකය. ගසේ කඳ තුවාල වූ විට ගලන්නා වූ මැලියම් ඝණත්වයෙන් අධිකය.

ප්‍රයෝජනයට ගන්නා අංග :- මද, පුහුලම, (පුහුලම මිරිකා ගත් යුෂ) තෙල්.


සුවකළ හැකි රෝග :-
1. ක්‍රිමි (පණු) රෝග (විශේෂයෙන් කිරිපනුවන්) ආමවාත, මූත්‍රාබාධ, ස්‌කැච් රෝගය, හමේ රෝග.


ආර්ථික ලාභ :-
කජු මද ඉතා ජනප්‍රිය කෑමකි. ඪිදේශීය සංචාරකයන් ප්‍රිය කරන කෑමක්‌ හෙයින් සංචාරක ව්‍යාපාරයේ දියුණුවට රුකුලකි. අපනයනයෙන් සැලකිය යුතු ලාභයටත් රට තුළට ගලා එයි. ඳිවයින තුළ ඇති රසකැවිලි කර්මාන්තයට නැතිවම බැරි ද්‍රව්‍යයක්‌ බවට කජු මද පත්ව ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017