කරාඹු නැටි
 










































කරාඹු නැටි : Syzygium aromaticum
පර්යාය නාමය : Eugenia caryophyllate
කුලය : Myrtaceae
සිංහල නාමය : කරාබුනැටි / ලමග : Karabuneti / Lamaga
සංස්‌කෘත නාමය :  ලවංග : Lavanga
දෙමළ නාමය :  කිරම්බ් : Kiramb
ඉංග්‍රීසි නාමය :  ක්‌ලෝව්ස්‌ : Cloves
හින්දි නාමය :  ලොගා : Loga
බෙංගාලි නාමය :  ලන්ග් : Lung






වැවෙන ස්‌ථාන :
උඩරට තෙත් බිම්වල සරුවට වැඩෙන මධ්‍යම ප්‍රමාණයේ (අඩි 24 පමණ) ගසකි.


ස්‌වභාවික ලක්‌ෂණ :-
ශාඛා දසත විසිරී පවතී. පිරමීඩයක හැඩය ගනී. කුඩා පත්‍ර රැසකි. සාමාන්‍ය වෙනසකින් යුක්‌තය. දිලිසෙන සුළුය. මේරූ පත්‍ර කළු මිශ්‍ර කොළ පැහැතිය. පුෂ්පයෝ අක්‍රමවත්ය. මල් පෙතිවලට පිටින් පිහිටි කොටස හෙවත් මණිපත්‍ර මාංසලය ළපටි කාලයේ සුදුය. මේරූ කල්හී ලේ පැහැතිය. මසින් පිරුණු ඵල අඟල් 1 ½ පමණ දිගැතිය. පුෂ්පයන්ගේ හටගැන්ම ජනවාරි සිට මාර්තු දක්‌වාය. ඵල දැරීම මැයි මස දක්‌වා කෙමෙන් සිදුවේ.


ඖෂධ සඳහා යෙදිය හැකි අංග :- ගෙඩි, මල්, නැටි, මණිපත්‍ර, තෙල්.


සුවකළ හැකි රෝග :-
පණුරෝග, අජීර්ණය, වමනය, පිපාසය, ඇදුම, අරුචිය, අග්නිමාන්දය, අම්ලපිත්ත.


පිපාසයටය :- වියළි කරාබු නැටි තැම්බූ ජලය පානය කිරීම.


හෙම්බිරිස්‌සාවට :-
පිරිසිදු ජලයෙන් අඹරා ගත් කරාබු නැටි චූර්ණය නලලේ සහ නාසයේ දෙපස ගෑමෙන් සුවිශේෂ සහනයක්‌ ලැබේ.


නිෂ්පාදිත ඔසු :-
1. ලවංගාදි ක්‌වාතය
2. ලවංගාදි චූර්ණය
3. ලවංගාදි මෝදකය
4. කරාබු අර්කය
5. ලවංගගාර්කය

(c) Shilpa Sayura Foundation 2006-2017