ඇහැල : | Cassia Fastula | |
පර්යාය නාමය : | Cathartocapus Fisttula, Crhombifolia | |
කුලය : | Leguminosae | |
සිංහල නාමය : | ඇහැල : | Ehala |
සංස්‌කෘත නාමය : | ආරග්වද-රාජවෘක්‌ෂ : | Aragwada-Raja Wruksha |
දෙමළ නාමය : | තීරුකොණ්‌ඩයි : | Tirukondai |
හින්දි නාමය : | ගිර්මලාහ් : | Girmalah |
බෙංගාලි නාමය : | සුන්දලි : | Sundali |
තෙලඟු නාමය : | ආරග්මදාමු : | Aragvadamu |
IMAGE |
වැවෙන ස්‌ථාන :
වියළි කලාපයට අයත් වනාන්තරවල වැවෙන වෘක්‌ෂයකි. අනුරාධපුරය, කුරුණෑගල, රක්‌වාන වැනි පෙදෙස්‌හි සුලභව දක්‌නට හැකිය.
ස්‌වභාවික ලක්‌ෂණ :-
මධ්‍යම ප්‍රමාණයේ ගසකි. පොත්ත මටසිලිටුය. අළු පැහැතිය. ළපටි කාලයේ සුඹුල බොර පැහැතිය. ගොරෝසුය. වැඩුණු ගසක ශාඛා රැසකි. දසත විසිරී පවතී. මීටර් 9 සීමාව නොඉක්‌මවයි. සෙ.මී. 30-45 දිගැති පත්‍ර වියළි කාලයේ හැලී යයි. ණැවත දළු ලන්නේ සීත සෘතුවේදී ය. මල් පොහොට්‌ටු හටගන්නේ අප්‍රේල් මාසයේ ය. පැහැයෙන් රන්වන්ය. කලාතුරකින් සුදුමැලි පැහැයක් ගනී. ඒවා රිකිලි අතරින් 4ක් මතුවේ. දිගැති කරල් ඇත. කරල්වල දණ්‌ඩ හෙවත් නටුව ඉතා කෙටිය. සිලිඩරාකාරය. මද රතු මිශ්‍ර නිල් පැහැය ගනී. කරලක් තුළ ඇති බීජ සංඛ්‍යාව 25-100 දක්‌වා අතරය. ඒවා අදුරු පැහැතිය. එකකින් එකක් වෙන් වනුයේ මටසිලිටු ලොදකිනි. බීජයක පිට පොත්ත ඉතා දීප්තිමත්ය. දොඩම් පැහැයට බර වූ බොර පැහැතිය.
ඖෂධ සඳහා යෙදිය හැකි අංග :-
මුලේ පොතු,. කඳේ පොතු, කරල්, කොළ, මල්, බීජ.
සුව කළ හැකි රෝග :- උණ, හෘද රෝග, ආමාශගත රෝග.
උදුගොව්වා කෑමට, පණු කැවිලිවලට :- අමු ඇහැල පොතු අඹරා ගෑම.
විරේකය පිණිස : නොමේරූ කොළ උණුකර රාත්‍රී නින්දට පෙර පානය කිරීම
උදර ශුලයට :- ඇහැල මල් කසාය.
නිෂ්පාදිත ඔසු :-
1. ආරග්වදාදීය
2. කීරමලාදි සෘතය