ඇඹිලිය : | Oxalis Corniculate | |
කුලය : | Oxalidaceae | |
සිංහල නාමය : | ඇඹිලිය : | Embiliya |
සංස්‌කෘත නාමය : | අම්ලලෝනිකා : | Amlalonica |
ඉංග්‍රීසි නාමය : | ඉන්ඩියන් සොරෙල් : | Indian Sorrel |
හින්දි නාමය : | අම්රුල් : | Amrul |
බෙංගාලි නාමය : | අම්රුල්සක් : | Amrulsak |
තෙලඟු නාමය : | පුලු චින්තකු : | Pulichintaku |
IMAGE |
වැවෙන ස්‌ථාන :-
සෙවන සහිත තෙත පස ප්‍රිය කරයි. එවැනි පසක් පිහිටි කවර හෝ දිස්‌ත්‍රික්‌කයක දී මෙම ශාකය දක්‌නට හැකිය. එළවළු හා පලතුරු වගා කෙරෙන භුමිවල මනාව වැඩෙන්නක් හෙයින් ගොවීන්හට ඉතාමත් කරදරකාරී පැළෑටියක් වශයෙන් මෙය ප්‍රසිද්ධය.
ස්‌වභාවික ලක්‌ෂණ : -
වර්ෂය පුරා නොමැරී පවතින හීන්දෑරි කඳකින් යුත් පැළෑටියකි. දිගින් අධික ශාඛා රැසකි. පත්‍රිකාවල නටු (වෘත්තයන්) කෙඳිවලින් බරිත වී ඇත. කුඩා මල් කොළ පැහැති ය. ඒවා වර්ෂය පුරාම ඒකාකාරව පවතී.
ඖෂධ සඳහා යෙදිය හැකි අංග :- මුළු පැළෑටියම.
සුව කළ හැකි රෝග :- අරුචිය, අතීසාරය, ජවරය, අර්ශස්, පාණ්‌ඩුව.
නිෂ්පාදිත ඔසු :-
1. වාංගේරි සෘතය (ගුද මාර්ගය පිටත නෙරා ඒමේ රෝගයට විශේෂයි)