තොටිල
 














































තොටිල : Oroxylum Indicum
පර්යාය නාමය : Bignonia Indica
කුලය : Bignoniaceae
සිංහල නාමය : තොටිල : Totila
සංස්‌කෘත නාමය : ශ්‍යානාක / අරදු : Syonaka / Aradhu
දෙමළ නාමය : වන්ගාමාරම් : Vanga Maram
ඉංග්‍රීසි නාමය : බිග්නෝනියා ඉන්ඩිකා  : Bignonia Indica
හින්දි නාමය : අරලු : Aralu
බෙංගාලි නාමය : සොනා  : Sona
තෙලඟු නාමය : ඩන්ඩිලම් : Dandilum






වැවෙන ස්‌ථාන :- පොදුවේ මුළු දිවයින තුළ කවර හෝ පළාතක වැවෙන ගසකි. එහෙත් කදු මුදුන්හි තෙත සහිත පස වඩාත් ප්‍රිය කරයි. මධ්‍යම කදුකරයේ මෙන්ම කොළඹ දිස්‌ත්‍රික්‌කයේ ද සුලබව දක්‌නට හැකිය.


ස්‌වභාවික ලක්‌ෂණ :-
කුඩා ගසකි. එහෙත් කලාතුරකින් උස අඩි 30 හෝ 40 දක්‌වා ද වැඩෙන අවස්‌ථා ඇත. කඳ සෘජුය. අතු විසිරී පවතින්නේ ගස මුදුනෙහිය. අළු පැහැති පොත්ත විවර සහිතය. පත්‍ර කිහිපයක්‌ එකට සම්බන්ධව පවතී. මදක්‌ විශාලය. එකිනෙකට විරුද්ධව පිහිටයි. සෙ.මී. 10 ක්‌ පමණ දිගැතිය. මල් රැසකි. ඒවායේ මංජරී ක්‍රමවත් නැත. සෙ.මී. 10 ක්‌ පමණ දිගැතිය. දම් මිශ්‍ර කහ පැහැතිය. මලක පිහිටන්නේ පෙති 5 ක්‌ පමණී. කරලක දිග සෙ.මී. 5-9 පමණ වේ. මේරූ පසු පුපුරා යන ඵලයක්‌ (කරලක) තුළ ඇති බීජ පැතැලිය.


මහ පස්‌මුල් කසායට නැතිවම බැරි ඖෂධයක්‌ බැවින් තොටිල ගසට ආයුර්වේදයේ දී ඇත්තේ විශේෂ ස්‌ථානයකි.


ඖෂධ සඳහා යෙදිය හැකි අංග :-  පොත’ මුල් සහ කරල්


සුවකළ හැකි රෝග :-
අජීර්ණ, අතීසාරය, ආමවාත, අග්නිමාන්දය, ක්‍රිමි, ජවර, අර්ශස්‌.


ස්‌ඵොටික :- මේරූ පසු පුපුරන ගෙඩි (ඵල)


කර්ණ ශුලයට :-
තොටිල මුල් පොතු අවුන්ස 8ක්‌ හොඳින් අඹරා ඒ මත ජලයට ප්‍රමාණ වන පරිදි තලතෙල් අවුන්ස 32 කුත් දමා හොඳින් මිශ්‍ර කරන්න. පසුව එම මිශ්‍රණය මදගින්නේ රත් කරන්න. සියලුම ජලය වාෂ්පවීමෙන් පසුව ඖෂධය නිවෙන්නට හැර විටින් විට බිංදුව බැගින් කනට දමන්න.


අර්ශස්‌ රෝගයට :-
තොටිල මුලේ පොතු / ඵල නිටුල් මුල් / කෙලිඳ හාල් / මඟුල් කරඳ මුලේ පොතු / සිද්ධිගුරු / සහිඳලුණු. සියල්ල සමව ගෙන හොඳින් අඹරා ඩ්‍රෑම් 1 ½ බැගින් මෝරු හෝ බටර් සමඟ දින 7 ක්‌ පාවිච්චි කරන්න.


නිෂ්පාදිත ඔසු :-


1. @ශ්‍යානාක පුටපාකය
2. පුස්‌වේදන චටිකා
3. තොටිල පරිශේකය.



 

(c) Shilpa Sayura Foundation 2006-2017