බෙලි
 
















































බෙලි : Aegle marmelos Aegle marmelos
පර්යාය නාමය : Crataeva marmelos
කුලය : Rutaceae
සිංහල නාමය :  බෙලි  : Beli
සංස්‌කෘත නාමය  :   බිල්ව / විල්ව  : Bilva Lvilva
දෙමළ නාමය  : බිල්වම් / විල්වම්  : Bilvam / vilvam
ඉංග්‍රීසි නාමය  :   වුඩ් ඇපල්  : Wood Apple
හින්දි නාමය  :  බෙල් : Bel
බෙංගාලි නාමය :  බෙල් : Bel
තෙලඟු නාමය :  බිල්ව / පන්ඩු  : Bilva / Pandu







වැවෙන ස්‌ථාන :-
ප්‍රසිද්ධ පලතුරක්‌ වන බෙලි ගෘහස්‌ථ භුමිවල වගා කිරීමට ලාංකිකයා අතීතයේ සිට පුරුදුව සිටී. මධ්‍යම දේශගුණය ප්‍රිය කරන මෙම ගස මහනුවර දිස්‌ත්‍රික්‌කයේත්, පුත්තලම දිස්‌ත්‍රික්‌කයේත් වගා කර ඇත.

ස්‌වභාවික ලක්‌ෂණ :-
තරමක්‌ විශාල ගසකි. කඳ සිලින්ඩරාකාරය. පුපුරන සුළු පොත්තක්‌ පවතී. අළු පැ#තිය. කටු සහිතය. පත්‍ර තුනක්‌ ඒකාබද්ධව පවතී. ද්විලිංගික පුෂ්ප, ලා කොළ පැහැතිය. විස්‌තර නොකළ හැකි සුවඳකින් යුක්‌තය. ගෙඩියක විෂ්කම්භය අඟල් 2 ත් 4 ත් අතර වේ. දොඩම් මෙන් රවුම්ය. මදය ආරක්‌ෂා වී ඇත්තේ ශක්‌තිමත් කටුවකිනි. ළපටි හෝ නො පැසුණු කල්හි එම මද අළු පැහැතිය. ඉදුණු විට තද කහ පැහැතිය. මදය හා ඇලී පවතින බීජ රැසකි.


ඖෂධ සඳහා යෙදිය හැකි අංග :-
මුලේ පොතු, කොළ, පැසුණු ගෙඩි, නො ඉදුණු මද


සුවකළ හැකි රෝග :-
අතීසාරය, සෙංගමාලය, අග්නිමාන්දය, උණ, ඉඳිමුම, හෘද රෝග, වාතරෝග, රක්‌තාසීස්‌, මළ බද්ධය.


මල බද්ධයට :-
වියළි බෙලිගැට මද
උක්‌ හකුරු
සමව ගෙන හොඳින් අඹරා ඩ්‍රෑම් 1 ක්‌ පමණ රෝගියාට දෙන්න.


නිෂ්පාදන ඔසු :-
1. බිල්ව තෛලය
2. බිල්වාදි ක්‌වාතය
3. බිල්වාදි සෘතය
4. බිල්වාදි චූර්ණය

(c) Shilpa Sayura Foundation 2006-2017