බිම් කොහොඹ
 
































බිම් කොහොඹ : Swertia chirata
පර්යාය නාමය : Ophella chirata
කුලය : Gentianaceae
සිංහල නාමය  :  බිම් කොහොඹ : Bim Kohomba
සංස්‌කෘත නාමය :  කිරාත තික්‌ත : Kiratha Tikktha
දෙමළ නාමය  :   නීල වෙම්පු  : Neela Vempu






image


ආර්ය ජනයා ජීවත් වූ දේශයකින් තොර කිරේට්‌ස්‌ නම් ජනපදයකින් රැගෙන විත් ලංකාවේ වගා කරවන ලද පැළෑටියක්‌ යයි මතයක්‌ පවතී. ඒ සනාථ කිරීම් වස්‌ මෙම ශාකයට 'අනායර්න තික්‌ත' යන සංස්‌කෘත පර්යාය ශබ්දයක්‌ ද ඇත.

ස්‌වභාවික ලක්‌ෂණ :-
අඩි 4 ½ ක්‌ පමණ උසට වැඩේ. පත්‍ර හෙල්ලයක හැඩය ගනී. දාරය කඩතොලු රහිතය, හෙවත් සරලව පිහිටා ඇත. මල් කිහිපයක්‌ එකට බද්ධව පවතී. ද්විලිංගිකය. පෙති කොළ පැහැති මුත් දම් පාට තිත් දක්‌නට ලැබේ.


වෙනත් විස්‌තර :-
උතුරු හා නැගෙනහිර පළාත්වල ඉබේ වැවෙන දේශීය බිම් කොහොඹ කුලයට අයත් Maliaceae කුලයට අයත් Muntonia Pumila Wight නම් උද්භිද විද්‍යා නාමයෙන් හැඳින්වෙන පැළෑටිය බැව් සැලැකුව මනාය.


ඖෂධ සඳහා යෙදිය හැකි අංග :-  පංචාංගයම


සුවකළ හැකි රෝග :-
උණ, අජීර්ණ, අසීස්‌, රත්පිත්, කාස, චර්මරෝග.


අතීසාරය :-
දියමිත්ත, කෙළිද, බිම් කොහොඹ, කලාදුරු අල, වියළි ඉඟුරු (සාමාන්‍ය කසායක්‌ සාදා ගන්නා ආකාරයට සිඳවා පානය කිරීම මැනවි)


උණට සහ උණ සහිත අතීසාරය :-
බිම් කොහොඹ, දියමිත්ත, පැපිලිය, රසකිඳ, කළාදුරු අල, වියළි ඉඟුරු කසාය කර බීම.

(c) Shilpa Sayura Foundation 2006-2017