බිම් නෙල්ලි
 




































බිම් නෙල්ලි : Phyllanthus niruni
පර්යාය නාමය : Urinaria indica
කුලය  : Euphorbiaceae
සිංහල නාමය : බිම් නෙල්ලි / පිටවක්‌කා  : Bim Nelli / Pitawakka
සංස්‌කෘත නාමය :  භුම්‍යම්ලක  : Bhumyamalaka
දෙමළ නාමය  :  ක්‍රිෂ්කේයිනෙල්ලි : Krishkey Nelli
හින්දි නාමය  :  ජරම්ලා : Jaramla






image


වැවෙන ස්‌ථාන : -
වියළි පළාත්වල වැවෙන කුඩා පැළෑටියකි.

ස්‌වභාවික ලක්‌ෂණ  :
වර්ග දෙකකි. එක්‌ වර්ගයක කඳ කොළ පැහැතිය. අනෙක්‌ වර්ගයේ කඳ රතු පැහැතිය. රතු වර්ගය තාම්‍රවල්ලි නමින් හැදින්වේ. එහි උද්භිද විද්‍යා නාමය ඵහයලලඅනටහඋස ළුරඉනඅරඉඅ වෙයි. භුම්‍යමිලක හා තාමුවල්ලි යන දෙවර්ගයේම කඳ සෘජුය. අඩි 1 සිට 2 දක්‌වා උසට වැවේ. කඳ රවුම්ය. සිනිදුය. ශාඛා රැසකි. පත්‍ර සිව් දිශාවට පැතිර පවතී. අඟල් 1 සිට අඟල් 3 දක්‌වා දිගය. කුඩා ගෙඩි මටසිලිටුය. ඇදෙන සුළුය. අභ්‍යන්තරයේ කාමර 3 කි. එක කාමරයක බීජ 2 කි. එම බීජ ත්‍රිකෝණාකාරය.


සුවකළ හැකි රෝග :-
සෙංගමාලය, අතීසාරය, ගොනෝරියාව, මූත්‍රා දැවිල්ල, වේදනා සහිත මාස්‌ ශුද්ධිය.


අතීසාරයට :-
පිටවක්‌කා මුල්, කලාදුරු අල, සිඬිගුරු, සමව ගෙන සිහින්ව කපා කුඩුකර ගන්න. එම චූර්ණය ජලය අවුන්ස 32 කට මුසුකර මඳගින්නෙ 1¼ කට සිඳ දිනකට දෙවරක්‌ පානය කරන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017