බුළු :
Terminalia belerica
පර්යාය නාමය :
myrobalana Belarica
කුලය :
Combretaceae
සිංහල නාමය :
බුළු :
Bulu
සංස්‌කෘත නාමය :
විභිතකි :
Vibhitaki
දෙමළ නාමය :
Tamrik – Kai
හින්දි නාමය :
බහෙරා :
Bahera
බෙංගාලි නාමය :
බහෙරා :
Bahera
තෙලඟු නාමය :
ටාඩි :
Tadi
මැද රට දේශගුණය ප්‍රිය කරන බුළු ගස ගම්පොල - මහනුවර – කුරුණෑගල ප්‍රදේශවලින් මෙන්ම ගල්ඔය පළාතෙන් ද සොයාගත හැකිය.
වසරකට වරක් පත්‍ර හැලෙන හෙවත් පතනශීලි ගණයට ගැනෙන විශාල වෘක්‌ෂයකි. කඳ සෘජුව වැඩේ. දුඹුරු පැහැති පොත්ත රළුය. අතු එකක් හැර එකක් වශයෙන් පිහිටයි. පත්‍රිකා රැසකි. ඒවායේ පටන් ගැන්ම සිහින්ය. ඒත් අවසන් කෙළවර රවුම්ය. දිගින් සෙ.මී. 15 ක් ද පළලින් සෙ.මී. 6 ½ ක් පමණ ද වෙයි. මල් කුඩාය. ඒ මංජරියකි. ලා කොළ පැහැයට හුරු කහ පාටය. සුවඳින් අනූනය. නටු සහිත එම පුෂ්පයෝ ද්විලිංගිකය. ගෙඩි මසින් පිරී පවතී. දුඹුරුවන්ය. හැඩයෙන් කිකිළි බිජුවක් මෙනි. ඪිල්ලුද වැනි දැයක් ඵලය වටා පවතී.
බොහෝ රෝගයන් සඳහා ප්‍රත්‍යක්‍ෂ මෙන්ම ගුණදායි ත්‍රිඵල හෙවත් තිපල් කසායට අයත් ප්‍රධානතම ඔසුවකි බුළු.
2. විභීතක අශ්වගන්ධ යෝගය.
3. කර්ෂඵල පූටපාකය.
4. බුළු තෛලය.
5. බුළු ලේපය.