ස්‌වභාවික ලක්‌ෂණ :- ඖෂධ සඳහා යෙදිය හැකි අංග :- මල්, පොතු, ඇට, කොළ. සුවකළ හැකි රෝග :- අතීසාරයට කසායක් :- සියල්ලෙන් අවුන්ස 2 බැගින් ගෙන ජලය අවුන්ස 32 ක් දමා ¼ ට මඳගින්නේ සිඳවා දවසකට 3 වරක් බීමට දෙන්න.
Pongamia glabra
පර්යාය නාමය
Galedupa Indica
කුලය
Leguminosae
සිංහල නාමය
මඟුල් කරඳ / කරඳ
Magul Karada / Karada
සංස්‌කෘත නාමය
කරඤජ / නක්‌තමාලා
Karanja / Nakthamala
දෙමළ නාමය
පුන්ක මාරම්
Punka – Maram
ඉංග්‍රීසි නාමය
ඉන්ඩියන් බීච්
IndianBeach
හින්දි නාමය
කොරන්ජ්
Korang
බෙංගාලි නාමය
කරන්ජාල්
Karanjal
වැවෙන ස්‌ථාන :-
පහත රට මුහුදු බඩ ප්‍රදේශයන්හි ගංගා අසබඩ ඉවුරුවල හා ඇළ දොළ අද්දර වැවෙන සදාහරිත, තරමක් විශාලව වැවෙන වෘක්‌ෂයකි.
අළු පැහැති පොත්ත සිනිදුය. ශාඛා ඒකාකාරි හැඩයක් ගනී. සෑම දිශාවකටම පැතිර පවතී. පත්‍ර විශාලය. අසමසමය. එකකට එකක් විරුද්ධ පසට පිහිටයි. අඟල් 4 ½ පමණ දිගය. ත්‍රිකෝණාකාරය. මල් තරමක් විශාලය. ඒවා ලොඛ පැහැයට හුරු රෝස පැ#තිය. ද්විලිංගිකය. සුදු මිශ්‍ර දම් පැහැති දුඹුරුවන් මනිපත්‍ර දැකුම්කළුය. නටුව දිගැතිය. කරල් හටගනී. දිගින් හා පළලින් සෙ.මී. 5භ3 පමණ වෙයි. එම කරල් මේරූ පසු පුපුරා යයි. අභ්‍යන්තරයේ ඇත්තේ වටකුරු එක බීජයකි. ඒ දිළිසෙයි. අළු පැහැතිය.
අග්නිමාන්දය, අතීසාරය, කෘමි, සමාජරෝග, දියවැඩියාව, ආමවාත, හමේ රෝග, දන්ත රෝග, ගුල්ම, අර්සස්, උදාවර්ත.
කරඳ පොතු, මදටිය මුල්, මාදම්පොතු, දෙළුම් ලෙලි, වැල් මදට, බෙලිමුලේ පොතු, කළාදුරු අල, අත්තික්‌කා ගෙඩි, ගැටපොල්මල්, කෙසෙල් මූහ.