ස්වාභාවික ලක්ෂණ :- වෙනත් විස්තර :- (වැඩි විස්තර සඳහා ජී.ඩබ්. ගේබ්‍රියෙල් ගුණවර්ධන මහතා විසින් රචිත 'ද්‍රව්‍ය ගුණ නිඝණ්ඩුව' නැමැති කාණ්ඩ ග්‍රන්ථයේ 19 වන පිටුවේ සිට 24 වන පිටුව දක්වා ඇති දීර්ඝ විස්තරය හෝ එම මහතාගේම ‘ඝඑඩඉචඉනඅල ඵලඅනටස ඔෆ ඡඑයලඔන’ නැමැති කෘතියේ 416 වන පිටුවේ විස්තර ද කියවා බලන්න) ඖෂධ සඳහා යෙදිය හැකි අංග :- මල්. සුවකළ හැකි රෝග :- උණ, අධික වශයෙන් රුධිරය පිටවීම, මල බද්ධය, අතීසාරය. ළමයින්ගේ අතීසාරයට :-
මලිත :
Woodfordia floribunda
පර්යාය නාමය :
Grislea tomentosa
කුලය :
Lythraceae
සිංහල නාම :
මලිත / තාමර / මලිත්ත / පුෂ්පී :
malita / Tamara / Malitta / Puspi
සංස්කෘත නාමය :
ධාතකී :
Dhataki
හින්දි නාමය :
ඩායි :
Dhai
බෙංගාලි නාමය :
ඩායි පුල් :
Dhai – Phul
තෙලඟු නාමය :
සෙරින්ජි :
Seringi

කදුකරයේ කැලෑවලය. ඪිශේෂයෙන්ම නුවරඑළිය හා හපුතලේ දිස්ත්‍රික්ක වලින් සොයාගත හැකිය.
පදුරු විශේෂයකි. කඳ සහ ශාඛා සෘජුය. පොත්ත මලකඩ පැහැතිය. රිකිලි බිමට බරව පිහිටා ඇත. කඳෙහි පහළ කොටස හෘදයාකාරය. ඉතා දීප්තිමත් රතු පැහැති මල් පොකුරු වශයෙන් පිහිටයි. කරලක කෝෂ ද්වියකි. ඒවා තුළ බීජ රැසකි.
රතු පැහැති මල් නිසා "තාම්ර පුෂ්පි" නාමයත්, පොකුරු සහිත මලින් බරිත හෙයින් "ගුච්ඡ පුෂ්පි" නමින් කදුවල වැවෙන හෙයින් "පාර්වතී" යනුවෙනුත් මලිත ශාකය හදුන්වනු ලබයි. එමතුත් නොව ඉපැරණි පුස්කොළ වට්ටෝරු පොත් වල "ධාතකී" නමින් හදුන්වා ඇත්තේ ද මලිත පැළෑටියම වෙයි.
මලිත මල්, වියළි බෙලිගැට මද, ලොත් සුඹුලු, භ්රිවේර, ගජ තිප්පිලි, වගපුල් සියල්ල අවුන්ස 2 බැගින් ගෙන කුඩාවට කපා ජලය අවුන්ස 32 කට දමා ¼ ට සිඳ අවුන්ස 1 බැගින් මීපැණි මිශයකර පැය 4 වරක් බීමට දෙන්න.
ශිල්ප 64