රුක්‌අත්තන : | Alastonia scholaris | Alastonia scholaris |
පර්යාය නාමය : | Ehites Scholaris | |
කුලය : | Apocynaceae | |
සිංහල නාමය : | රුක්‌අත්තන : | Ruk Attana |
සංස්‌කෘත නාමය : | සප්තපර්ණ-දේවරුක්‌ෂි-පලාගරුඩ : | Saptaparna |
ඉංග්‍රීසි නාමය : | ඩීටා බාක් ට්‍රී : | DitaBarkTree |
බෙංගාලි නාමය : | චාටීන් : | Chatin |
තෙලඟු නාමය : | සැටිමින් : | Satamin |
අඩි 2000 (මීටර් 600 ක් පමණ) වැඩි සම ශිතෝෂණ සහ තෙත් බිම්වල වැවේ.
භෞතික ලක්‌ෂණ :-
විශාල ශාකයකි. සෘජුව වැඩේ. අඩි 43-83 පමණ උසය. කඳ පැහැදිලිය. අළු පැහැති පොත්තකි. ගොරෝසුය. පත්‍ර පොකුරු වශයෙන් පිහිටයි. එක පොකුරක 7 කි. සෙ.මී. 16x5 පමණ දිග පළලින් යුක්‌තය. මල් හටගන්නේ කිනිති වශයෙනි. ලා කොළ පාටට හුරු සුදු පැහැතිය. ඵලයක් සෙ.මී.40 ක් පමණ දිගය. අණ්‌ඩ්‍ය දෙකකින් යුක්‌තය.
ඖෂධ සඳහා යෙදිය හැකි අංග :- පොතු, කොළ, (කඳෙන් වැක් කෙරෙන) කිරි.
සුවකළ හැකි රෝග :-
උණ, කුෂ්ඨ, අග්නිමාන්දය, ආමවාත, කර්ණශුල, කෘමි, යකෘන් රෝග, සර්ප විෂ.
කර්ණශුලයට :-
රුක්‌අත්තන කිරි බිංදුදෙකක් පමණ කන තුළට දැම්ම ප්‍රමාණවත්ය.
ශෙලෂ්ම ස්‌වරයට (සෙම් උණ) :-
රුක්‌අත්තන පොතු, රසකිඳ දඩු, කොහොඹ පොතු, භුජපත්‍ර පොතු, අවුන්ස දෙක බැගින් ගෙන වතුර අවුන්ස 32 ක් සමඟ මුසුකර මඳගින්නේ ¼ කට සිදුවා අවුන්ස 2 බැගින් උදේ/සවස පානය කිරීම මැනවි.
නිෂ්පාදිත ඔසු :-
1. සප්ත පර්ණි සත්වාදී චටී.
2. සප්තච්ඡාදි තෙල
3. රුක් අත්තන කිරි ප්‍රලේපය
4. සප්ත පර්ණි පාණ්‌ඩිවය
5. සප්ත පර්ණි ක්‌වාතය.