වරා
 




















































වරා : Calotropis gigantean
පර්යාය නාමය : Asclepios Gigantea
කුලය : Asclepiadeae
සිංහල නාමය : වරා (එළවරා) : Vara (Elavara)
සංස්‌කෘත නාමය :  අර්ක / අලාර්ක : Arka / Alarka
දෙමළ නාමය  :  බඩබන්ඩන් : Badabandan
ඉංග්‍රීසි නාමය  :  ජයීගැන්ටික්‌ ස්‌වලෝර්ට්‌  : Gigantic  Swallowart
හින්දි නාමය   :  මදාර්  : Madhar
බෙංගාලි නාමය  :  අක්‌සන්ඩා : Aksanda
තෙලඟු නාමය  :  අර්කමනූ   : Arkamanu








වැවෙන ස්‌ථාන  :-
පහත රට කැලෑබදව සරුවට වැවේ. මුහුද අද්දර හෝ පාරවල් අද්දර නිසරු බිම්වලත් කලාතුරකින් උඩරට ප්‍රදේශයේ කැලෑවලත් වැවෙන්නකි.

ස්‌වභාවික ලක්‌ෂණ : -
පදුරු විශේෂයකි. වසර ගණනාවක්‌ පවතී. කඳ සෘජුය. අඩි 12 පමණ උසය. ඛහ පැහැය මිශ්‍ර සුදු වර්ණයෙන් යුත් පොත්තක්‌ ඇත. කලාතුරකින් ඒ අළු පැහැය ද ගනී. ශාඛා ඝනය. සිලින්ඩරාකාරය. රිකිලි රැසකි. පත්‍ර එකිනෙකට විරුද්ධව පිහිටයි. පෙනෙන නොපෙනෙන තරමේ නටුවකි. ඉහළ පෙදෙස මෘදුය. යටි පැත්තේ බූවකි. දිගින් සෙ.මී. 10-13 ද පළලින් සෙ.මී. 9-9.3 පමණ ද වෙයි. කුඩයක්‌ හැඩය ගත් මල්වල ද බූවක්‌ පවතී. නටුව රවුම්ය. කොළ පැහැය මිශ්‍ර සුදුමල් වර්ගයක්‌ ද (එළවරා) අදුරු දම් පැහැයෙන් හෝ රතට හුරු පාටින් යුක්‌ත වූ මල් රහිත වරා වර්ගයක්‌ ද ඇත. ඒ 'අර්ක' නම් වර්ගයයි. මේ සෑම වර්ගයකම මල් තරමක්‌ විශාලය. දැකුම්කළුය. බීජ ඉතාමත් කුඩාය.


ඖෂධ සඳහා යෙදිය හැකි අංග :-
මුලේ පොතු, කොළ, මල් සහ කඳේ කිරි.


සුවකළ හැකි රෝග :-
චර්ම රෝග, සිපිලිස්‌, වණ, අතීසාරය, ආමවාත, බරවා, දත්ත රෝග, අපස්‌මාරය, හිස්‌ටීරියාව, කාස, පීනස, ඇදුම, සර්ප (දෂ්ට) විෂ, සමාජ රෝග


බරවා රෝගයට :-
වරා මුලේ පොතු කාඩි දියෙන් අඹරා ඉදිමුම පවතින ස්‌ථානයේ ගෑම යහපත්ය.


නිෂ්පාදිත ඔසු :-
1. අර්ක තෛලය


 

(c) Shilpa Sayura Foundation 2006-2017