වලාවැන්න
 



































වලාවැන්න : Adiantum lunulatum
පර්යාය නාමය : Pteris lunulata
කුලය : Filices
සිංහල නාමය :  වලාවැන්න  : Walavenna
සංස්‌කෘත නාමය  :   හන්සපාදි  : Hansapadi
ඉංග්‍රීසි නාමය :  මේඩ්න්හෙයාට්‍රී : Maiden Hai tree
හින්දි නාමය  :  හන්සපාගී : Hansapagi






image

වැවෙන ස්‌ථාන :

ශ්‍රී ලංකාවේ කැලෑබඳව වැවේ. සිසිල් රත් පැහැති පස ප්‍රිය කරයි. නිතර (පාවිච්චියට) ප්‍රයෝජනයට නොගන්නා නිසරු ලිං සහ මිනිරන් පතල් අසළ සරුවට වැඩේ. අලංකාරය පිණිස ගෘහස්‌ථ මල් පෝච්චි වලද වවනු ලැබේ.

ස්‌වභාවික ලක්‌ෂණ හා වෙනත් විස්‌තර :-
සෙ.මී. 15-45 දක්‌වා උසට වැඩෙන ශාකයකි. කඳ දීප්තිමත්ය. බොර හෝ කළු පැහැයෙන් යුක්‌තය. පත්‍ර අඩ සඳක සිරිය ගනී. තවද එම පත්‍ර වැසිබර වළාකුලක පෙනුමක්‌ ගෙන දෙන හෙයින් දෝ පෙර සිහල පඬිවරුන් මෙම පැළෑටියට 'වලාවැන්න' නම යෙදුවා විය හැකිය. නටුවේ ආරම්භය හංසයකුගේ පාදයක්‌ වැනිය. එනිසාම මෙයට සංස්‌කෘතයෙන් 'හංසපාදි' නාමය ලැබී ඇත. වර්ග කීපයකි. එවැනි වර්ගවලට බෙදී ඇත්තේ පත්‍රවල විශාලත්වයේ වෙනස්‌කම් අනුවය. ඉතාමත් කුඩා පත්‍රවලින් තොර තරමක්‌ විශාල කොළ වලින් සමන්විත වූ වලාවැන්න පමණක්‌ ඖෂධ සංයෝග පිණිස යොදා ගැනීමට වෛද්‍යවරු පුරුදුව සිටී. මෙම ලිපියෙන් ලියවෙනුයේ එසේ පාවිච්චියට ගන්නා වලාවැන්නම බව සැලැකුව මනාව.


ඖෂධ සඳහා ගනු ලබන අංග :-
මුල්, කඳ, කොළ


සුවකළ හැකි රෝග :-
වේදනා සහිත මාස්‌ ශුද්ධිය - කෙස්‌ හැලීම, විද්‍රධිත උදුගොව්වා කෑම.


උදුගොව්වා කෑමෙන් වැලැකීමට :-
මුල් සහිත වලාවැන්න පැළෑටිය පුලුස්‌සා ලැබෙන අළු තලතෙල් හා විනාකිරි ස්‌වල්පය බැගින් දමා අඹරා සාදාගනු ලබන ඖෂධය විකෘති ස්‌ථානයන්හි සතියක්‌ හෝ 2 ක්‌ පමණ ගාන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017